Top News

ලොව ලොකුම තේ අපනයනකරුවා බවට ලංකාවේ සමාගමක් පත්වෙයි

ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරෙනු ඇත. ඒ අනුව අදාළ තේ වතුවල අස්වැන්න LIPTON Teas and Infusions වෙත සැපයීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිදුකිරීමට නියමිතය….

(0)Comments | May 8, 2024 1:35 pm

මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ වැඩිවීමක්

2024 මැයි මාසයේ පළමු දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 22,047 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 806,698 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පළමු දින 05 තුළ පැමිණ…

(0)Comments | May 8, 2024 1:04 pm

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි. පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක්…

(0)Comments | May 8, 2024 11:44 am

රේගු දෙපාර්තමේන්තුව දඩ නියම කළ සමාගම තමන් නොවන බව සියැට් කැළණි අවධාරණය කරයි

රේගු දෙපාර්තමේන්තුව සමඟ රේගු බදු සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත්, රේගු බදු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට හෝ දඩයකට මුහුණ නොදෙන බවත් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අවධාරණය කර ඇත. ආනයනික අමුද්‍රව්‍ය සඳහා රේගු බදු නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදකයෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට සහ දඩයකට මුහුණ දෙන බවට පළ වූ මාධ්‍ය…

(0)Comments | May 8, 2024 11:37 am

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින්…

(0)Comments | May 8, 2024 9:59 am

කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා මහ බැංකුව මහජන අදහස් විමසයි

කල්බදු මූල්‍යකරණ පාරිභෝගිකයන් සඳහා පවතින ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ කල්බදු මූල්‍යකරණ කර්මාන්තයේ වර්ධනයන් සලකා බලමින් කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පියවර ගනිමින් සිටී. කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ පුළුල් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා මහජනතාවගේ නීරීක්ෂණ / අදහස් / යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදහස්…

(0)Comments | May 8, 2024 9:27 am

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයකට ආධාර චීනයෙන්

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබා දීමට චීන රජය විසින් එකඟතාව පළ කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වන විට සිදු කරනු ලැබ තිබේ. යෝජිත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර (Delivering Class…

(0)Comments | May 7, 2024 5:03 pm

“මහ බැංකුව තියෙන්නේ ලාභ ලැබීමට නෙමෙයි“. එක දවසක දී බිලියන 700ක් පාඩු වූ හැටි මහ බැංකු අධිපති හෙළිකරයි

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීම අරමුණු කරගනිමින් පමණක් නොවන බවත් විමසිය යුත්තේ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිපත්තිවල සාර්ථක අසාර්ථකත්වය පිළිබඳව බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (07) කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මහ බැංකුව පිහිටුවලාම තියෙන්නේ යම්කිසි…

(0)Comments | May 7, 2024 4:53 pm

මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 5 පනී

නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,438 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 මාර්තු මාසය අවසන් වන විට පැවති ඩොලර් මිලියන 4,960 හා සැසඳීමේ දී 9.6% ක වර්ධනයක් වේ. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 4,916 සිට…

(0)Comments | May 7, 2024 2:33 pm

NDB බැංකුව VISA සමඟ එක්ව බැංකුකරණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ පළමු ගෙවීම් අත්පලඳනාව NDB WriztPay හඳුන්වා දෙයි

NDB බැංකුව VISA සමඟ එක්ව මෙරට බැංකු තාක්ෂණයේ නවතම පෙරළියක් ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ඉදිරිපත් කරන ගෙවීම් අත්පලඳනාව NDB WriztPay වෙළෙඳපොලට හඳුන්වා දුන් බව ඉතා සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම නවතම හඳුන්වාදීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මූල්‍ය ගනුදෙනුුවල පහසුව සහ ආරක්ෂාව සහිතව ගෙවීම් සිදුකිරීමේ මාධ්‍යයක් ලෙස මෙම තාක්ෂණය හඳුන්වා…

(0)Comments | May 7, 2024 2:30 pm