Top News

වැනිලා නිෂ්පාදන සදහා අපනයන සැකසුම් ගම්මාන පිහිටුවීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ව්‍යාපෘතියක්

“සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ග්‍රාමීය ගොවි ප්‍රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් අපනයන සැකසුම් ගම්මාන (EPV) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටියි. ඒ අනුව වැනිලා නිෂ්පාදන සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ මුලික පාර්ශවකරුවන්ගේ රැස්වීම වෙළඳ…

(0)Comments | August 11, 2021 1:34 pm

දිනකට සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ලාෆ්ස් ට ගෑස් දෙන්නත් සූදානම් – ලිට්රෝ සභාපති

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, තම සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් සංචිත තිබෙන බවත් ලිට්රෝ ගැස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි. අද දෙරණ 24 ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමඟ ඊයේ (10) ඒක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. “රටේ ගෑස් අවශ්‍යතාවය සමාගම් දෙකම රටට ලබා දෙන අවස්ථාවක දී ටොන් 43,000 ක් පමණ. මේ 43,000 ම…

(0)Comments | August 11, 2021 1:07 pm

මහ බැංකුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම 1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය කරන ලද මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි…

(0)Comments | August 11, 2021 10:30 am

ඌව පළාතට තාක්ෂණ උද්‍යානයක්. ICTA සහ TRACE Expert City අවබෝධතා ගිවිසුමක

කලාපීය පොකුරු තාක්ෂණ සංවර්ධනය (Regional Cluster Development) සඳහා පෞද්ගලික අංශයට සහාය වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය (ICTA) එක්වේ. මේ පිලිබඳ වූ අවබෝධතා ගිවිසුමක් TRACE Expert City ආයතනය සමග පසුගියදා අත්සන් කෙරින. ඌව  පළාත තුළ දෙවන ස්ථරයේ (Tier 2) තාක්ෂණ  උද්‍යානයක් පිහිටුවීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අවශ්‍ය  රාමුවක් පිහිටුවීම සඳහාවූ  එකඟතාවන්…

(0)Comments | August 10, 2021 3:37 pm

අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන ලාභදායි මට්ටමට පැමිණෙයි. වැඩිම ලාභ ධම්මිකගේ සහ ඉෂාරගේ සමාගම්වලින්

සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2021 ජූනි 30 දිනට රු. බිලියන 83.50 ක් බව නවතම වාර්තා පෙන්වා දේ. මෙය 2021 මාර්තු 31 දිනට සටහන්ව තිබූ වෙළෙඳපොළ වටිනාකම වූ රු. බිලියන 77.28 හා සැසඳීමේ දී රු. බිලියන 6.22ක හෙවත් 8% ක සුවිශේෂී වර්ධනයකි. මේ වන විට…

(0)Comments | August 10, 2021 2:00 pm

රාජ්‍ය ව්‍යාපාර Re energize කරන්න බැසිල්ගෙන් යෝජනාවක්

රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම (Re energize) සඳහා සහනදායී කොන්දේසි යටතේ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ යන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත දැනට ක්‍රියාත්මක 282ක් පමණ වූ පූර්ණ හෝ අර්ධ වශයෙන් රජයට අයත් ව්‍යාපාරයන්හි මෙහෙයුම් කටයුතු පසුබෑමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් එම ව්‍යාපාරයන්ට එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන…

(0)Comments | August 10, 2021 12:28 pm

ජනතාව කබලෙන් ගෑස් ලිපට?

ගෑස් හිඟය දිනෙන් දින උග්‍ර වන ලකුණු මේ වන විට වෙළෙඳපොළේ ගෘහස්ථ ඒල් පී ගෑස් හිඟයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවය පිළිබඳව වරින් වර ජනමාධ්‍ය විසින් අනාවරණය කරමින් සිටී. කෙසේවෙතත් ඒ සඳහා බලධාරීන්ගෙන් මේ දක්වා ප්‍රමාණවත් අවධානයක් ලැබී නොමැති බව, දිවයින පුරා ඒල් පී ගෑස් අලෙවි ස්ථානයන් හි දක්නට ලැබෙන දිගු පෝලිම්…

(0)Comments | August 10, 2021 8:04 am

වැවිලි ඇමති ස්විට්සර්ලන්ත කාබනික කෘෂි විශේෂඥයින් හමුවෙයි

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ සිටින කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ කණ්ඩායම පසුගියදා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරු හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එහිදී, වැවිලි කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව සතු දැක්ම සහ කාබනික පොහොර අභියෝගය ජයගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය. තවද මෙම හමුව අතරතුරදී, කාබනික කෘෂි…

(0)Comments | August 10, 2021 7:43 am

කොළඹ ඉඩම් මිලෙහි සීඝ්‍ර වැඩි වීමක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1 ක් දක්වා ඉහළ යන ලදී. පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5 ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා…

(0)Comments | August 9, 2021 9:50 am

GSP+ නොමැතිව අපට පමණක් ඇඟලූම් ක්ෂේත‍්‍රය තනිව නංවාලිය නොහැකියි

ජීවිත් සේනාරත්න විසිනි මෙරට සමස්ත අපනයනයන්ගෙන් 47%ක් පමණ වන ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය මෙන්ම 17%ක් පමණ වන කාර්මික රැකියාවන් අප රටෙහි ආර්ථික දියුණුව හා යහ පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයිි. ඒ නිසාම එම කර්මාන්තයන්හි ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජාතික ප‍්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. එවන් තත්වයක් තුළ ප‍්‍රමුඛ…

(0)Comments | August 9, 2021 6:25 am