Top News

පෝට් සිටියේ බදු සහන CHINA HARBOUR ENGINEERING සමාගමටත්

රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තිරසර සංවර්ධනය සහ නේවාසික ප්‍රජාවක් පදිංචි කිරීමෙහිලා වන නාගරික පහසුකම් පිළිබඳ මෙහෙයුම් සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යාපාරයක් වශයෙන් CHINA HARBOUR ENGINEERING COMPANY (LANKA) LIMITED ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපාරය වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ II වන…

(0)Comments | April 30, 2024 1:38 pm

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම ගැන ජූනි මාසයේ දී සාකච්ඡා

ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2023-07-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ පිළිබඳව නිල සාකච්ඡා 2024-03-14 දින විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දුනීසියාවේ වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පවත්වා ඇති අතර, වෙළෙඳ සාකච්ඡා කමිටුවේ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ 2024-04-03 සහ 04 යන දෙදින තුළ පවත්වනු…

(0)Comments | April 30, 2024 1:04 pm

ආදායම් බදු ගෙවන්න දුන් චෙක් 3,000 ක් රිටන් වෙලා

ආදායම් බදු ගෙවීම් චෙක්පත් මගින් සිදුකිරීම නවතා ඇති බවත් එලෙස චෙක්පත් හරහා ආදායම් බදු ගෙවීමේ දී විශාල චෙක්පත් ප්‍රමාණයක් අගරු වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 වසරේ දී එලෙස ආදායම් බදු ගෙවීම් ලද චෙක්පත් 3,274 ක් අගරු වී ඇති බවත්, ඒ හරහා රු. බිලියන 1,948 ක මුදලක් ලැබීමට නියමිතව තිබූ…

(0)Comments | April 30, 2024 12:42 pm

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ CHEC PORT CITY COLOMBO අතර අවබෝධතා ගිවිසුමක්

කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා  අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම…

(0)Comments | April 30, 2024 11:38 am

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා

“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීමේ උත්සවයේ දී ජනපති පවසයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද…

(0)Comments | April 30, 2024 11:14 am

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – ඩයනා ගමගේ

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය…

(0)Comments | April 30, 2024 8:33 am

2009න් පසු EPF සාමාජිකයින්ට ගෙවූ වැඩිම පොලිය 2023 දී

මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ. 2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා…

(0)Comments | April 29, 2024 7:15 pm

ඉතිහාසයේ වැඩිම EPF මුදල් ආපසු ගෙවීම 2023 දී. බිලියන 215.9ක් ගෙවලා

පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ. මෙය 2022 වසරට සාපේක්ෂව 32.4% ක වැඩි වීමක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර 2023…

(0)Comments | April 29, 2024 6:18 pm

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

තිරසාර මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ හැකි උපරිමයෙන් සම්බන්ද කරගැනීම අරමුණු කරගත් හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කොළඹ කොටස් හුවමාරුව සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. ව්‍යාපාර උපායමාර්ගයේ මූලික අංගයක් ලෙස තිරසාරත්වයට ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නායකත්වය සඳහා සහය දැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙම…

(0)Comments | April 29, 2024 1:58 pm

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී,  ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය…

(0)Comments | April 29, 2024 12:22 pm