Top News

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 100 ඉක්මවයි. වසරක් තුළ 2,000% ක වර්ධනයක්

“මම කිසි විටෙකත් කොටස් වෙළඳපොලේ මුදල් ඉපයීමට උත්සාහ නොකරමි. මම මිලදී ගන්නේ ඊළඟ දවසේ ඔවුන් වෙළඳපොල වසා දමා වසර පහක් යන තුරු එය විවෘත ‌නොකරන බවට උපකල්පනය කරමිනි.” – වොරන් බෆේ ලොව ප්‍රමුඛතම කොටස් ආයෝජකයා ලෙසින් නම් දරා සිටින, වරක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු, අදටත් ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් අයෙකු වන ‌වොරන් බෆේ…

(0)Comments | August 23, 2021 12:23 am

හෙට දිනයේ දී බැංකු විවෘත වේලාවන් මෙන්න

හෙට (23) දිනයේ දී සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත කර තබන බව බැංකු සමාගම් විසින් නිවේදනය කර සිටී. නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී තිබිණි. වෙළෙඳ…

(0)Comments | August 22, 2021 3:32 pm

ලොක්ඩවුන් සමයේ කොටස් වෙළෙඳපොළ විවෘතයි

නිරෝධායන ඇඳිරිනීති බලපැවැත්වෙන ඉදිරි සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා සාමාන්‍ය පරිදි විවෘත වන බව නිවේදනය කර සිටී. මේ ‌අනුව සාමාන්‍ය පරිදි සතියේ දිනවල පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා ක‌ොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත වනු ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | August 22, 2021 2:57 pm

HNB අභියෝග මධ්‍යයේ නැවතත් ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත. මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය…

(0)Comments | August 21, 2021 12:50 pm

අගුලු දැමීමේ කාලය තුළ දී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සැපයීම සීමා කරයි

සිකුරාදා (2021 අගෝස්තු 20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි 2021 අගෝස්තු 30 දින අළුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි/අව්‍යාජ අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කර ඇත. ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය මෙම අගුලු දැමීමේ කාලය…

(0)Comments | August 21, 2021 12:35 pm

මහ බැංකුවෙන් නිල නිවේදනයක්

විදේශ විනිමය ගෙවීම් සඳහා විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. විද්‍යුත්…

(0)Comments | August 20, 2021 2:06 pm

විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට එන මුදල්වල අඩුවීමක්. නොනිල මාර්ගවලින් මුදල් එවනවාදැයි සැකයක්?

2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඒක්සත් ජනපද ඩොලර් මිලියන 478 ක් දක්වා සියයට 16.4කින් පහළ ගොස් ඇත. කෙසේවෙතත් වසරේ මුල් භාගයේ දී…

(0)Comments | August 20, 2021 12:52 pm

ඩොලර්වලින් ‌ගෙවීමේ දී අයකරන ක්‍රෙඩිට් කාඩ් ගාස්තු ඉහළට

රු. 202 ඩොලරයට ක්‍රෙඩිට් කාඩ් පතින් රු. 220 ක් ගෙවන්න වෙන හේතුව මෙන්න. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින බව රහසක් නොවේ. මේ හේතුවෙන් ඒක්සත් ජනපද ඩොලරයට පමණක් නොව අනෙකුත් විදේශ විනිමය හමුවේ පවා ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණකි. පවතින තත්ත්වය මත ඇමරිකානු…

(0)Comments | August 20, 2021 10:29 am

රටවල් 27 ක සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයන් 100 කගේ සහභාගීත්වයෙන් සංචාරක ප්‍රවර්ධන සැසියක්

ගෝලීය වශයෙන් පිළිගත් විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව, වැඩි දියුණු කළ කලාපීය සහයෝගීතාව තුළින් කලාපීය හා දේශීය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා පෙරමුණ ගනී සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2021 අගෝස්තු 17 වෙනිදා ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර (CICA) පිළිබඳ සමුළුවේ සාමාජික රටවල්…

(0)Comments | August 20, 2021 9:45 am

ඉතාලි, තුර්කි සහ නෝර්වේජියානු තානාපතිවරුන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවෙයි

නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියෝ ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය. මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝවේජියානු තානාපතිනී Trine Jøranli…

(0)Comments | August 20, 2021 12:34 am