Top News

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු මාසයේ දී 2.5% ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මාර්තු මාසයේ දී…

(0)Comments | April 22, 2024 3:20 pm

ශ්‍රී ලංකාව යන ගමන ගැන IMF සතුටින්

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සුබපැතුම් එක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. X පණිවුඩයත් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී, මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

(0)Comments | April 22, 2024 2:11 pm

ඩොලරය ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ අද (22) දින නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 302.00 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය මෙලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ 5 වන දිනයට වීම විශේෂත්වයකි. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 297.00 ක් හා විකුණුම්…

(0)Comments | April 22, 2024 1:20 pm

Alipay QR ගෙවීම් සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නව මාවතක් විවර කරයි

ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත. මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නිකුත් කර ඇති කොමර්ෂල් බැංකුවේ ලංකාපේ ඒකාබද්ධ QR කේතය ස්කෑන් කිරීම…

(0)Comments | April 22, 2024 11:34 am

අයවැයෙන් ඉලක්ක කරපු ආදායම අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටට අහිමි වෙන ලකුණු

අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැබෙණු ඇති බව වෙරිටේ රිසර්ච් ‘The State of the Budget Report 2024’  වාර්තාවේ තක්සේරුව යි පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ. The…

(0)Comments | April 22, 2024 11:03 am

එන සතියේ කොළඹ විවෘත වෙන අලුත්ම සුපිරි හෝටලය මෙන්න

කොළඹ නගරයට එක්වන අලුත්ම, දැවැන්ත, අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව වාර්තා වේ. කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබේ. මෙය ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය වේ. කොළඹ ගාලුමුවදොර අවකාශයට එක්වන මෙම…

(0)Comments | April 19, 2024 12:04 pm

සංචාරක පැමිණීම හත්ලක්ෂය ඉක්මවයි 

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පැමිණ ඇති…

(0)Comments | April 18, 2024 1:50 pm

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට ඩයලොග් – එයාර්ටෙල් අත්සන් තබයි

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම්, අත්සන් කරන ලදී. මේ යටතේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් අත්පත් කරගනු ලැබේ. ඒ සඳහා, Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත…

(0)Comments | April 18, 2024 12:45 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොළ තොරතුරු ලබා ගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනඟයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත. Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත කරනු ලබන…

(0)Comments | April 18, 2024 12:38 pm

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම…

(0)Comments | April 18, 2024 11:02 am