ඊයේ (16) දිනයේ දී දැවැන්ත පරිහානියක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (17) දිනයේ දී නැවත වතාවක් ධනාත්මක හැසිරීමක් වාර්තා කර තිබේ. ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.78 කින් ඉහළ ගොස් ඒකක 11,830.94 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 21.07 කින් ඉහළ ගොස් ඒකක…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,975 ක් ලෙසින් දක්වා ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ දී මෙම අගයයෙහි…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාර බැංකු හා මූල්‍ය ජාලයේ (Sustainable Banking and Financing Network – SBFN) ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ වටමේස සාකච්ඡාවකට එක්විය. මෙම වටමේස සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් විවිධ අභියෝග මධ්‍යයේ, තිරසාර මූල්‍යකරණ මුලපිරීම ඉදිරියට ගෙන…
පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර එම ප්‍රවණතාවය යම්තාක් දුරකට විචලනය වී ඇති බවක් ඊයේ (16) සහ අද (17) දිනයේ දී විනිමය අනුපාතික චලිතයන් අනුව නිරීක්ෂණය වේ. පසුගිය අප්‍රේල් 15 වන දින වන විට ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 298.49 ක් දක්වා පහළ වැටුණු අතර…
ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds – ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් සඳහන් කරයි. බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සීමාකාරී සාකච්ඡා (restricted…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 214.04 ක හෙවත් 1.78%ක පහළ යාමක් වාර්තා කළේය. S&P SL20 දර්ශකය ඒකක 94.92 කින් හෙවත් 2.66% කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක්…
2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට දූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (15) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.90 ක සහ S&P SL20 දර්ශකය ඒකක 7.51 ක පහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,006.20 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,565.17 ක් ලෙසත් සටහන්ව…
Video Story