නව ආර්ථිකයක් ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට – ජනපති. රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත…
අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබිණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.53 ක හෙවත් 1.06% ක් වර්ධනයක් අත්පත් කර ගැනීම කැපීපෙනුනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,920.00 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ…
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. 2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල…
2024 මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 572.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 මාර්තු මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 568.3 ක් ලෙසින් වාර්තා වී තිබුණි. මේ අනුව 2024 පළමු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර්…
කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43කි. රජයේ කාර්යාල, රෝහල්, ආගමික…
2024 අප්‍රේල් 10 වෙනි බදාදා දින කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය, 2024 අප්‍රේල් 13 වන සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් මෙලෙස දින භාගයක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළ වෙත ලැබී ඇත.
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය. ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා දශක 4කට…
මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම මිලිලීටර් 600 පානීය ජල බෝතල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අපනයනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වේ. සිඩ්නි නගරයට මිලිලීටර් 600 පානීය ජල බෝතල් මිලියනයක් සැපයීම සඳහා ඔවුන්ට මෑතකදී ලැබුණු ඇණැවුමක ආරම්භක අදියර ලෙස මිලි ලීටර් 600 පානීය ජල බෝතල්…
2024 පළමු කාර්තුවේ දී 635,784 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා නිවේදනය කර සිටියේය. මෙය 2023 වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ 335,679 ක්වූ සංචාරක ප්‍රමාණය හා සැසඳීමේ දී 89.4% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා නිවේදනය කර සිටියේ 2024 පළමු කාර්තුවේ…
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මගින් පෙන්වා දේ. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95…
Video Story