රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරනවා. රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති…
ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම අඛණ්ඩව අවුරුදු 4ක් ඉහළ ගොස් ඇති බවත් 2023 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන්ගෙන් 25.9% ක් දරිද්‍රතා රේඛාවට වඩා පහළින් ජීවත් වී ඇති බවත් ලෝක බැංකුව පවසයි. මේ අතර ලෝක බැංකුව වැඩිදුරටත් පුරෝකථනය කරන්නේ 2026 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 22% කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. ඊයේ (02) දිනයේ දී ලෝක…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය අද රු. 299.96 ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයක අගය මෙලෙස රු. 300 සීමාවෙන් මෙපිටට පැමිණියේ 2023 ජූනි 12 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 ක් සහ විකුණුම් මිල රු. 304.60 ක් ලෙසින්…
දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 යළි පණගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ එම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. යෝජිත ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල වැඩි දියුණු කළ විෂය පථය මගින්, බලාපොරොත්තු නොවූ…
2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් වෙතින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) II වන අදියර 2 වන පියවර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල (MTB), මගී පාලම් අංක 02 හා මගී පාලම් අංක 03 ඇතුළත් ව්‍යාපෘතියේ හඳුනාගත් කාර්යය යන ඉදිකිරීම් සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු…
2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට තමා විසින් ඊයේ (01) සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. සුරක්ෂිතලත් ගනුදෙනු, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන) සහ සමාගම් (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සහතිකය සටහන්…
2024 මාර්තු මාසය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාසිකව දෙලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි අඛණ්ඩ සිව්වැනි මාසය ලෙසින් පසුගිය මාර්තු මාසය දැක්විය හැකිය. 2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම…
මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රු. 500/-ට වැඩි බිල්පත් වටිනාකමට රුපියල් 5ක ඉතිරියක් වසරකට ප්ලාස්ටික් ටොන් 80 පමණ බර, පෑන් මිලියන 120ක් වෙළඳපොලට – කාරක සභාවේදී අනාවරණය වෙයි දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් හා ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල්…
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන්…
Video Story