ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නව සෘතු බද්දක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 5.9හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 0.9 දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. ආහාර නොවන කාණ්ඩය 2024…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.54 ක් සහ විකුණුම් මිල රු. 305.33 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 301.18 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ඉහත සියලු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කැඳවා තිබුණු අතිවිශේෂ මහා සභා රැස්වීම ඊයේ (27) පැවැත්විණ. ඊයේ පස්වරු 4.00 ට පමණ මෙම අතිවිශේෂ මහා සභා රැස්වීම ආරම්භ වූ අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී යාම විශේෂත්වයකි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ප්‍රධාන…
කිලෝමීටරක් රු. 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමණාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි මෙරට මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබේ. පසුගිය දා කොළඹ වානිජ මහාධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම මෙහෙයුම් අත්හිටුවීම සිදුව ඇත. මෙම මෙහෙයුම් අත්හිටුවීම හරහා McDonald’s අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පළවිය. එසේ පළ වූ මාධ්‍ය වාර්තාවක්…
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 17,014 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ…
මෘදුකාංග, දත්ත විද්‍යාව, නිර්මාණකරණය සහ දෘඩාංග යන අංශවලින් තාක්ෂණික විසඳුම් ලබා දීමේ විශේෂඥතාවක් දක්වන CodeGen සමූහයේ අංශයක් වශයෙන් CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමකි. එම සමාගම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් බලයලත් තැනැත්තෙකු වශයෙන් අනුමත කර ඇති අතර, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා එකී…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63 ක් හා විකුණුම් මිල රු. 307.33 ක් ලෙසින් සටහන් වී ඇත. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 302.75 ක් ලෙසින් වාර්තා වේ. මහ බැංකුවට අනුව 2023 ජූනි 14 දිනෙන් පසු…
Video Story