ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ දෙවන සමාලෝචනය සහ 2024 වසර සඳහා වූ හතරවන වගන්තිය යටතේ උපදේශනය සඳහා 2024 මාර්තු 07 – 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. දූත මෙහෙය අවසානයේ දී, ජා.මූ. අරමුදල් කාර්යමණ්ඩල කණ්ඩායම සහ බලධාරීන් ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීම…
ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා ගිවිසුමට අදාළව Microsoft 365…
2024 මාර්තු 19 වන දින දකුණු කොරියාවේ ඉන්චියොන් (Incheon) වෙත යාමට සූදානම්ව සිටි මගීන් 217 දෙනෙකු රැගත් UL 470 අංක දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත් වීමට නොහැකි වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ගුවන් යානය ප්‍රමාද වී පිටත්වීම සඳහා අවසර ලබා ගැනීමෙන් පසු, 2024 මාර්තු 20 වන…
IMF විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාව. විධායක මණ්ඩල අනුමැතිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්. – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩලයක එකඟත්වයකට එලඹුන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව, මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සමිබන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවනතාවය කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අවධානය යොමුව ඇති බවයි. ඒ පිළිබඳ සම්පූර්ණ නිවේදනය…
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධ එක් තීරණයකට පැමිණීම සදහා කඩිනමින් මැදිහත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක…
තිලංග සුමතිපාල මහතා Asia Capital PLC හි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 2024 මාර්තු 19 දින සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතා Asia Capital PLC හි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව එම සමාගමේ ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. 2021 සැප්තැම්බර් 30 දින තිලංග සුමතිපාල මහතා Asia Capital PLC හි…
‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල කියයි වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ඔක්තෝබර් මාසයේ දී 9 % ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7 %ක් දක්වා පහත වැටී ඇත. වැඩිදුරටත් ලැබී ඇති ප්‍රතිචාරවලට අනුව, රටේ වත්මන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Article IV උපදේශනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වනු ඇත. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර්…
අඛණ්ඩව 18 වන වරටත් සංවිධානය කෙරුණු SLIM Kantar ජනතා සම්මාන උළෙල 2024 මාර්තු 19 වන දින මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්ගේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම සුවිශේෂී සම්මාන උළෙලට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනික ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 600 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙවර…
Video Story