ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට. රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක්. ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනතාවට හිමිවිය යුතුයි – ජනපති අවධාරණය කරයි. ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ…
මේ වසරේ ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින් සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළට – ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක…
අද (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13 ක් හා විකුණුම් මිල රු. 308.723 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මෙම අගයයන් ඊයේ දිනයේ දී සටහන් වූයේ පිළිවෙලින් රු. 299.29 ක් හා රු. 308.90 ක් ලෙසිනි. මේ අතර අද දිනයේ ද එක්සත් ජනපද…
08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය…
රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා පැවසීය. රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක්…
2024 වර්ෂය සඳහා වන අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන මාර්තු 26 දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි….
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (19) දින ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 4.03 ක් ලෙසින් සටහන් වුණි. මෙලෙස සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වීම සඳහා ප්‍රධාන වශයෙන් LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනුවක් දායක වී ඇති බව කොටස් වෙළෙඳපොළ සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එහිදී LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 500 ක් හුවමාරු වී තිබුණු අතර…
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් මෙගාවොට් 9,478 ක මෙහෙයුම් ධාරිතාවක් අත්පත් කර ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.29 ක් ලෙසත් විකුණුම් මිල රු. 308.90 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 304.63 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2023 ජූනි 14 දිනෙන්…
ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක ණය පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, ආගමික ස්ථානවල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ලංසු කැඳවා ඇති අතර,…
Video Story