Top News

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

පොල් කර්මාන්තය නැංවීමට ද පියවර රැසක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ පසුගිය බදාදා…

(0)Comments | March 15, 2024 8:42 am

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී….

(0)Comments | March 14, 2024 2:29 pm

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනතා අයිතියට පවරා දෙමින් ජනපති පවසයි. මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන්…

(0)Comments | March 14, 2024 1:22 pm

බදු ගෙවන අයට දැනුම්දීමක්. හෙටට කලින් ගෙවන්න

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත දැනුම් දීමක් කර තිබේ. පෙබරවාරි මාසය තුළ රඳවාගත්, පොලිය මත අත්තිකාරම් ආදායම් බදු, රඳවා ගැනීමේ බදු, ගාස්තු සහ වෙනත් ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බදු, අත්තිකාරම් පුද්ගල ආදායම් බදු යනාදිය 2024 මාර්තු 15 හෝ එදිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස එම දැන්වීමේ සඳහන් වේ.

(0)Comments | March 14, 2024 12:15 pm

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේ දී ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රු. 306.26 ක් ලෙසිනි.

(0)Comments | March 14, 2024 11:48 am

ශ්‍රීලංකන් ගුවන් සේවය Korean Air සමඟ එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.  2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ  කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ. “ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | March 14, 2024 10:41 am

එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළ හැර යද්දී ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත්වීමට (De-list) ගත් තීරණය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය මාර්තු 01 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගෙන තිබුණි. එහිදී සමාගමේ ප්‍රමුඛ කොටස් හිමියා වන SG HOLDINGS GLOBAL PTE.LTD විසින් සමාගමේ සෙසු කොටස්…

(0)Comments | March 13, 2024 3:39 pm

කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල්…

(0)Comments | March 13, 2024 12:45 pm

ඩොලරය 306 මට්ටමට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.07 ක් සහ විකුණුම් මිල රු. 311.45 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය අද දින වාර්තා වන්නේ රු. 306.57 ක් ලෙසිනි.

(0)Comments | March 13, 2024 11:13 am

ප්‍රධාන බැංකු දෙකක තිබූ ‘ශ්‍රීලංකන් ණය‘ ආණ්ඩුවට පවරා ගනී

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වෙත ගෙවීමට තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 210ක සහ රු. බිලියන 31.4ක ණය, ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමට ගත් තීරණය 2024 මාර්තු 04 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය විසින් නිවේදනය කර සිටී. එහිදී ලංකා බැංකුවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන…

(0)Comments | March 13, 2024 10:09 am