Top News

මොබයිල් ලෝක සමුළුවේ දී හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි

ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හිදී පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශිෂ්ට දායකත්වයක් දක්වන පුද්ගලයින් සහ ආයතන අගයමින්…

(0)Comments | March 11, 2024 10:32 am

කාන්තා සනීපාරක්ෂක තුවාවලට බර අවිවලටත් වැඩි බදු

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති බදු බර ඉතා ඉහළ අගයයක් ගන්නා බවත් එය රත්‍රන්, සිල්ක් පමණක් නොව ගොල්ෆ් පිති සහ කාලතුවක්කුවලට පනවා ඇති බදු බරට ද වඩා වැඩි අගයයක් බවත් PublicFinance.LK සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් PublicFinance.LK තබා ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ. ලෝක කාන්තා දිනය අදයි. පවුලකින් රටකට, රටකින් ලෝකයට කාන්තාවන් කරන මෙහෙවර අගය…

(0)Comments | March 8, 2024 1:28 pm

මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 4 1/2 ඉක්මවයි

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ…

(0)Comments | March 8, 2024 11:46 am

ලොකු සල්ලිකාරයෝ 100ක් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුව සෙවිල්ලෙන්

ඉහළ වත්කම් සහිත පුද්ගලයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමීප අවධානය යොමු කරයි. ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාවය පිළිබඳව  ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ අධීක්‍ෂණයන් කිරීම සඳහා විශාල  බදු ගෙවන්නන්ගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති ඉහළ වත්කම්  සහිත…

(0)Comments | March 8, 2024 10:42 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරනවා – පීටර් බෘෘවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) මහතා පැවසීය….

(0)Comments | March 8, 2024 8:53 am

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (07) දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18 කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.15 කින් ඉහළ ගොස් ඒකක 3,147.45 ක් ලෙසින් සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ 2023…

(0)Comments | March 7, 2024 4:01 pm

තැපෑල Breakeven තත්ත්වයට ගෙනඒමේ සැලැස්මක්

මෙම වසර අවසාන වන විට තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරය මත යැපෙන්නේ නැති ආයතනයක් බවට පත් කර, 2024.12.31 වන විට ලාභ පාඩු නොලබන තත්ත්වයට ගෙනඒමේ ඉලක්කය අනුව කටයුතු කරනු ලබන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඊයේ (06) කොළඹ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. “මෑතක සිට අපේ අරමුණු වෙනස් කරලා තියෙනවා. මේක…

(0)Comments | March 7, 2024 1:57 pm

ප්‍රථමවරට Oceanswell සහ Greenpeace South Asia සහයෝගයෙන් ඉන්දියන් සාගරයේ දුරස්ථ සාගර ප්‍රදේශය තුළ cetacean සමීක්ෂණයක් සිදුකරයි

සුප්‍රසිද්ධ  Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean  දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු  සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව   Greenpeace South Asia  සංවිධානය  සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය  නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම  Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ Oceanswell සංවිධානය නියෝජනය කරන  ශ්‍රී ලාංකික තරුණ- තරුණියන්…

(0)Comments | March 7, 2024 11:25 am

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා – අරුන්දික ප්‍රනාන්දු

රජය විසින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර…

(0)Comments | March 7, 2024 9:51 am

2020 දී ගත් අප්‍රායෝගික තීරණයක් සියඹලාපිටිය හෙළිකරයි

පනත් අනුව පැවරී ඇති බලය කුමක් වුවත් සමාජ සාධාරණත්වය අනුව මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව සියලු අදහස් විමසමින් මුදල් කාරක සභාව මගින් පරිපූර්ණ වාර්තාවක් සකස් කළ යුතු බවයි. එම වාර්තාව…

(0)Comments | March 6, 2024 4:42 pm