Top News

LOLC Finance සමාගමෙන් රු. බිලියනයක කොටස් ගනුදෙනුවක්. දෛනික පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (06) දිනයේ දී රු. බිලියන 2.29 ක් ලෙසින් වාර්තා විය. මෙලෙස සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම සඳහා LOLC Finance PLC හි කොටස් මිලියන 200 ක් කොටසක් රු. 5.00 බැගින් ගනුදෙනු වීම ප්‍රධාන වශයෙන් දායක විය. ඒ අනුව එම ගනුදෙනුවෙන් පමණක් රු. බිලියනයක පිරිවැටුමක් ජනනය වී තිබුණි. මේ අතර…

(0)Comments | March 6, 2024 4:17 pm

අර්ථසාධක අරමුදලෙන් නිවේදනයක්

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බවත්, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන මෙන් සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවත්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී නිහාල් ඩී ලියනගේ මහතා පවසයි. සේවක අර්ථසාධක අරමුදලේ…

(0)Comments | March 6, 2024 3:39 pm

කලාපීය වැවිලි සමාගම් වතුකරයේ පෝෂණය හා ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා ඉදිරිපත් කරයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21  විසින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30% පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප‍්‍රජාවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණවල දැක්වෙන පරිදි පසුගිය වසර 30 තුළ වැවිලි කර්මාන්තයේ පෝෂණය කැපී පෙනෙන ලෙස වර්ධනය…

(0)Comments | March 6, 2024 2:59 pm

හැටන් නැෂනල් බැංකුවේ 135 වසරක අභිමානවත් ගමන්මග සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය. මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන්…

(0)Comments | March 6, 2024 2:57 pm

වැටුප් වැඩි කිරීම නිසා මහ බැංකුවට මාසයකට රු. මිලියන 232 ක අතිරේක වියදමක්

ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ (05) ‍පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ. මීට පෙර පැවති පාර්ලිමේන්තු…

(0)Comments | March 6, 2024 2:27 pm

ඩොලරය 308න් පහළට

එක්සත් ජනපද ඩොලරයක මිල රු. 308 සීමාවෙන් පහළට පැමිණ තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ අද (06) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 307.96 ක් බවයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 302.97 ක් හා විකුණුම් මිල රු 312.60 ක් ලෙසින්…

(0)Comments | March 6, 2024 2:00 pm

තැපැල් මුද්දරයකට ඔබේ ඡායාරූපය දා ගන්නේ මෙහෙමයි. රු. 2,000කට මුද්දර 20ක්

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. මෙරට පැරණිතම පුද්ගලික වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සමරනු වස් මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ දී කොළඹ හැටන් නැෂනල් බැංකු…

(0)Comments | March 6, 2024 12:35 pm

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා

රටේ පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ ඉදිරියේ දී තව තවත් ජනතාවට ලබා දෙනවා. සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුවයි. මම කිසිදා බලය වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ. අද මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමට නොව, රට යළි ගොඩනැඟීමටයි. බලය වෙනුවෙන් සිහින මවන දේශපාලනඥයන් මහ පොළොවේ යථාර්ථය අමතක කරලා. අද සැනසුම් සුසුම් හෙළන්නේ මරණයක් සුසාන භූමියට…

(0)Comments | March 6, 2024 11:56 am

AI පිළිබඳ වැරදි වැටහීම් 4 ක්

AI යනු වර්තමානයේ එදිනෙදා කතාබහ තුළ මෙන්ම නව තාක්ෂණික නිෂ්පාදන තුළත් නින්නාදවන යෙදුමක් බවට පත්වී අවසානය. එහිදී AI සම්බන්ධයෙන් සුබවාදී අදහස් මෙන්ම, අසුබවාදී වැටහීම් ද සමාජගත වී ඇත.  AI යනු කුමක්ද යන්නෙහි සිට එහි කාර්‍ය්‍ය කුමක්ද යන්න දක්වා බොහෝ වැරදි වැටහීම් ඇත. එහෙත් යථාර්ථය වන්නේ දවස අවසානයේදී සෑම අයෙකුම භාවිතකර බලන මෙවලමක් බවට AI පත්ව…

(0)Comments | March 5, 2024 4:34 pm

2024 ජනවාරියේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු පසුබැස්මක්

2024 ජනවාරි මාසයේ අපනයන කාර්යසාධනය 2024 ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක් වූ අතර, එය 2023 ජනවාරි මාසයට සාපේක්ෂව 0.77% ක අඩුවීමක් වාර්තා කළේය. 2023 ජනවාරි හා සසඳන විට, කෘෂිකාර්මික අපනයන 3.58% ක සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 2024 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 225.43 දක්වා ළඟා විය. කෙසේ…

(0)Comments | March 5, 2024 4:22 pm