Top News

බැංකු අනතුරු අඟවයි

ණය පැහැර හරින්නන් සුළු සංඛ්‍යාවකගේ ඉල්ලීම මත පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම හේතුවෙන් බැංකු චකිතයට පත්වෙයි – ශ්‍රී ලංකා බැංකු සංගමය සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති…

(0)Comments | March 12, 2024 5:45 pm

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම අද (12) දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි. නවෝත්පාදන සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව…

(0)Comments | March 12, 2024 1:34 pm

යෙන් මිලියන 1,600 ක ප්‍රදානයක් ජපානයෙන්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ විපතට පත් ප්‍රජාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබා දීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශය සවිබලගැන්වීම මඟින් ජපාන රජය සිය සහයෝගිතාව පුළුල් කර ඇත. ඒ අනුව, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන එක්දහස් හයසීයක් (දළ වශයෙන්…

(0)Comments | March 12, 2024 12:11 pm

NSBM සරසවියෙන් වෛද්‍ය උපාධියක්

රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ. එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය. හෝමාගම…

(0)Comments | March 12, 2024 11:54 am

ඩොරලය අදත් පහළට

එක්සත් ජනපද ඩොලරයක මිල අද (12) දිනයේ දී රු. 307.02 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක මිල සඳහන් වූයේ රු. 307.56 ක් ලෙසිනි. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.62 ක් ලසෙින් වාර්තා වන අතර…

(0)Comments | March 12, 2024 11:44 am

සුඛෝපභෝගී නැව් 6කින් හම්බන්තොටට සංචාරකයෝ 6,000 ක් ඇවිත්

2024 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ දී සුඛෝපභෝගී මගී නෞකා 6 ක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණ තිබේ. එම නෞකා 6න් පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 6,000 ඉක්මවන බව වාර්තා වේ. හම්බන්තොට/කොළඹ සහ තායිලන්තයේ ෆුකෙට් අතර යාත්‍රා කළ Celebrity Millennium නෞකාව පිළිවෙළින් පෙබරවාරි 14 සහ 26 යන දිනයන්හිදී හම්බන්තොට වරායට දෙවරක් ළඟා වී…

(0)Comments | March 12, 2024 11:27 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කෙරේ

සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණයි – ජනපති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද එක්ව සිටි අතර…

(0)Comments | March 12, 2024 8:46 am

ඩොලරය පහළ යද්දී පවුම්, යූරෝ, යෙන් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල අද (11) දිනයේ දී රු. 307.56 ක් දක්වා පහළ ගොස් තිබේ. පූර්ව වෙළෙඳපොළ දිනය වූ පසුගිය මාර්තු 07 දා ඩොලරයක මිල වාර්තා වූයේ රු. 307.81 ක් ලෙසිනි. කෙසේවෙතත් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අවප්‍රමාණය වීමක් දැකිය හැකි වුවද…

(0)Comments | March 11, 2024 4:26 pm

මාස 06ක් තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රගතිය පෙන්විය යුතුයි – ඇමතිගෙන් ඉලක්කයක්

රජයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක පමණ මූල්‍ය සහනය සමින් ශ්‍රීලංකන් ගුවන් සේවායේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පෙරවරු‌වේ අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. පසුගිය කාලපරිච්ඡේදය තුළ විටින් විට ශ්‍රීලංකන්…

(0)Comments | March 11, 2024 2:31 pm

පවුම උඩ යයි

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක රුපියල් වටිනාකම අද (11) දිනයේ දී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රු. 387.68 ක් හා විකුණුම් මිල රු. 402.48 ක් ලෙසින් සටහන් වී තිබුණි. මීට පෙර අවසන් වෙළෙඳපොළ දිනය වූ පසුගිය මාර්තු 07 වැනි…

(0)Comments | March 11, 2024 11:47 am