Top News

ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට යෝජනාවක්

කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමීන් හා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව 2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ඉදි කර, මෙහෙයුම් කර, පවරා…

(0)Comments | March 5, 2024 2:07 pm

ICT හදාරන අඩු ආදායම්ලාභී උසස් පෙළ සිසුන් 5,000කට මූල්‍යාධාර

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ඇති කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනය වැඩිදියුණු කිරීම තුළින් විදුලි සංදේශ කර්මාන්තය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇති අතර විදුලි සංදේශ කර්මාන්තයේ තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය නිපුණ වෘත්තිකයන් බිහි කිරීම සඳහා එමඟින් හැකියාව ලැබෙනු ඇත. බලපත්‍රලාභීන්ගෙන් අයකරනු ලබන විදුලි සංදේශ සංවර්ධන…

(0)Comments | March 5, 2024 1:48 pm

ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 82%ක පමණ භූමි ප්‍රමාණයක හිමිකාරිත්වය රජය සතු අතර එම ඉඩම් ආරක්ෂා කිරීම හා පාලනය කිරීම රජයේ ආයතන ගණනාවකට පැවරී ඇත. එකී ආයතන විසින් ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රජයේ ඉඩම් ආයෝජන කටයුතු සඳහා නිදහස් කිරීමේදී විවිධ ගැටලු පැන නැගී ඇති බව පෙනී ගොස් තිබේ. එබැවින්, නව කර්මාන්ත හා…

(0)Comments | March 5, 2024 1:29 pm

පොදු රේගු බන්ධිත ගුදමක අනිවාර්ය අවම ඉඩ ප්‍රමාණයේ වෙනසක්

ආනයනික භාණ්ඩ සඳහා අදාළ වන බදු ගෙවීමට හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පූර්වයෙන් භාණ්ඩවල සුරක්ෂිතතාව හා ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා වන ගබඩා පහසුකම රේගු බන්ධිත ගුදමක් ලෙස හඳුන්වනු ලබයි. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනතේ 69 වන වගන්තියෙහි විධිවිධාන යටතේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මුදල් විෂය භාර අමාත්‍යවරයාට රේගු බන්ධිත ගුදම් නියම කිරීම සිදු…

(0)Comments | March 5, 2024 1:00 pm

පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක්

කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන අනුව චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශවල ධාරිතාව මෙගාවොට් එක බැගින් පාවෙන සූර්ය විදුලි බලාගාර නියමු ව්‍යාපෘති දෙකක් (02) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එකී ව්‍යාපෘති දෙකට අදාළව විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ පොළ ඉදිකිරීම,…

(0)Comments | March 5, 2024 12:39 pm

ශ්‍රී ලංකාවට Blue Flag Beach 12ක්

සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් “Blue Flag Beach” සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (පෙබ. 20) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කරන ලදි. මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, සංචාරක සහ…

(0)Comments | March 5, 2024 10:56 am

ඩොලරය 308 ට බසී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් හා විකුණුම් මිල රු. 313.41 ක් ලෙසින් සටහන්ව තිබේ. අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 308.10 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

(0)Comments | March 5, 2024 10:31 am

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා

පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. තවත් නීති 62 ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට. රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍යයි. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක්. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද නව නීති. ජනපතිගේ විධායක බලතල අහෝසි කිරීමට පාරිලිමේන්තුවට හැකි මුත් පාරිලිමේන්තුව සතු බලතල අහෝසි කිරීමට…

(0)Comments | March 4, 2024 4:05 pm

ගිය අවුරුද්දේ ආණ්ඩුවට වැඩිම බදු ආදායමක් ලබා දුන් සමාගම මෙන්න. රු. බිලියන 160 ක් බදු ගෙවලා

ලංකා දුම්කොළ සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සදහා වන නවතම මූල්‍ය වාර්තා නිකුත් කර තිබේ. ඊට අනුව 2023 දෙසැම්බර් 31න් අවසන් මාස 03 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගම රු. බිලියන 53.55 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර රු. බිලියන 35.95 ක් රජයේ බදු ලෙස ගෙවා තිබේ. මීට අමතරව ආදායම් බදු ලෙස රු. බිලියන 5.79…

(0)Comments | March 4, 2024 3:42 pm

මාස 2ක් තුළ සංචාරකයින් 426,603ක් දිවයිනට

2024 පෙබරවාරී මාසයේ දී ජනවාරි මාසයේ මෙන්ම අඛණ්ඩව ලක්ෂ 2ක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. ඒ අනුව පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 218,350ක් ලෙස දැක්වෙන අතර 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 426,603ක් ලෙසයි. පෙබරවාරි මාසය…

(0)Comments | March 4, 2024 2:32 pm