Top News

ලංකාවේ ‘අලියා බීම‘ ඉන්දියාවට. අම්බානිගේ දැවැන්ත සමාගමක් සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, බෙදාහැරීමේ අවස්ථාව එලිෆන්ට් හවුස් වෙත…

(0)Comments | February 29, 2024 2:09 pm

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.56 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.29 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 310.15 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2023 ජූලි 07…

(0)Comments | February 29, 2024 11:42 am

කාබනික පොහොර, ජාතික පොහොර ප්‍රතිපත්තියට

කාබනික පොහොර භාවිතය මෙරට ජාතික පොහොර ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පැවසීය. මේ පිළිබදව  සාකච්ඡා වුයේ  ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. කෙටි, මධ්‍ය කාලීන හා  දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති…

(0)Comments | February 29, 2024 11:09 am

ශ්‍රීලංකන් යානා දෙකක් අදත් අවලංගුයි

අද (28) දිනයේ දීද කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් අවලංගු වී ඇති බව ගුවන් තොටුපල නිල ගුවන් ගමන් කාලසටහන පෙන්වා දේ. ඒ අනුව අද දින පැය 18.55 ට බැංගලෝර් දක්වා පිටත් වීමට තිබූ UL 171 ගුවන් යානය සහ පැය 23.45 ට මුම්බායි දක්වා පිටත් වීමට…

(0)Comments | February 28, 2024 4:52 pm

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි. ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ…

(0)Comments | February 28, 2024 2:53 pm

කොමර්ෂල් බැංකුවෙන් 2023 වසරේදී කැපී පෙනෙන කාර්යසාධනයක්

ආර්ථික පුනර්ජීවනයට සහය වීම උදෙසා ණය දීමේ වර්ධනය හේතුවෙන් කොමර්ෂල් බැංකු සමූහය 2023 මූල්‍ය වසරේ සිව්වන කාර්තුවේදී රුපියල් බිලියන 56.816 ක ණය ලබාදී ඇති අතර, වර්ෂය අවසන් වන විට රුපියල් ටි‍්‍රලියන 1.296 ක ණය පොත් අගයක් වාර්තා කර ඇත. සමූහයේ තැන්පතු 2023 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මාස තුන තුළදී රුපියල් බිලියන 36.469 ක මාසික…

(0)Comments | February 28, 2024 1:52 pm

දේශීය ආදායමට දොස්. දුන් නිර්දේශ ඉටු කරලා නැහැ

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව සැලකිල්ලට ගනිමින්, මෙරට බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. විශාල ආදායම් සහිත පුද්ගලයන් බදු දැලෙන් රිංගා යාමත් අඩු ආදායම් සහිත ජනතාවගෙන් බදු එකතු කිරීමත් අනුමත කළ නොහැකි බව කාරක සභාව පෙන්වා දුන් අතර බදු…

(0)Comments | February 28, 2024 1:48 pm

අදානි පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතියට අනුමැතිය. ආයෝජනය ඩොලර් මිලියන 355ක්

පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින්  අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඩොලර් මිලියන 355 ක දැවැන්ත, 234MW පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා…

(0)Comments | February 28, 2024 1:02 pm

මහ බැංකුව මුදල් කාරක සභාවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය එළඹෙන සතියේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. X සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරන අතර මෑතක දී සිදුකරන ලද ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ…

(0)Comments | February 28, 2024 12:20 pm

සම්පත් බැංකුව පවතින ආර්ථික අභියෝගයන් මධ්‍යයේ සිය ගනුදෙනුකරුවන්ගේ තිරසාරභාවයටද සහය දෙමින් ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හේතුවෙන් ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව සිය නොසැලෙන ඉදිරි ගමන තවදුරටත් තහවුරු කරන ලදී. සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය හා මනා ව්‍යාපාර ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන්ට මූලිකත්වය දීමට සම්පත් බැංකුවට හැකි විය. පසුගිය වසර කිහිපය පුරාවට පැවති ආර්ථික අර්බුදයන් හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන් ඉන් මුදවා ගැනීම සඳහා එක් එක්…

(0)Comments | February 28, 2024 11:36 am