Top News

කොරියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක සහන ණයක්

දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක් ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හරහා…

(0)Comments | May 10, 2021 3:18 pm

BOI අනුමත සමාගම්වලට ලැබුණු සෘජු විදෙස් ආයෝජන 42%කින් අඩුවෙයි

වසංගත තත්ත්වය නිසා දේශීය මෙන්ම ගෝලීය වශයෙන් ද ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය පිළිබඳව පැවති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් පවත්නා මිල අනුව ආයෝජන වියදම 2019 වසරේ දී වාර්තා කළ සියයට 5.5ක පහත වැටීමට සාපේක්ෂව 2020 වසරේ දී සියයට 6.2කින් තවදුරටත් පහත වැටුණි. මේ කෙරෙහි, 2019 වසරේ දී සියයට 8.1කින් වර්ධනය වූ දළ දේශීය ස්ථාවර…

(0)Comments | May 10, 2021 1:24 pm

සීනී – දේශීය නිෂ්පාදනය රටේ සමස්ත ඉල්ලුමෙන් 9%යි. බදු අඩුකළ පසු ආනයන 22.7%කින් ඉහළට

උක් වගා කරන ලද භූමි ප‍්‍රමාණය සහ අඹරන ලද උක් ප‍්‍රමාණය ඉහළ යෑම හේතුවෙන්, 2020 වසරේ දී සීනි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 59,869ක් දක්වා සියයට 14.5කින් ඉහළ ගියේය. ගල්ඔය සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවන්හි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 20,173ක් සහ මෙටි‍්‍රක් ටොන් 16,114ක් දක්වා, පිළිවෙළින්, සියයට 81.3කින් සහ සියයට 0.6කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, වියළි කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමෙන්…

(0)Comments | May 10, 2021 12:55 pm

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් මුදල් තැන්පත්කරුවන්ට වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම අද සිට

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම අද (2021.05.10) දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව, අද දින හෝ අද දිනෙන් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක්…

(0)Comments | May 10, 2021 9:27 am

ප්‍රමිතියෙන් තොර නැව් හඳුනා ගැනීම සඳහා වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කළ යුතුයි – IORA

ප්‍රමිතියෙන් තොර නැව් හඳුනා ගැනීම සඳහා වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කළ යුතු බව ඉන්දියානු සාගරයේ වටද්දර රටවල සංගමය (IORA) අවධාරණය කර ඇත. එමගින් ප්‍රමතියෙන් තොර නැව් හදුනා ගැනිමට “ආරක්ෂිත දැලක්” සැපයෙන බවද ඔවුහු පෙන්වා දී තිබේ. “ඉන්දියානු සාගර කලාපයේ වරාය තත්ත්ව පාලනය (PSC) සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය (MSS)” යන තේමාව යටතේ 2021 මැයි 04…

(0)Comments | May 10, 2021 9:15 am

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් කර්මාන්ත පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

“ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිකිරීම් කර්මාන්තයේ සහයෝගීතාවය” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් 2021 මැයි මස 04 වැනි දින පැවැත්විණ. මෙම වෙබිනාර් සාකච්ඡාවට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා නේපාලයේ නේපාලයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය, නේපාල ඉංජිනේරුවන්ගේ සංගමය සහ වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගම් උපදේශන සංගමය (SCAEF) යන ආයතනවල නියෝජිතයින් සම්බන්ධ වී සිටියහ. සිය ආරම්භක දේශනයේ දී, අපනයන සංවර්ධන…

(0)Comments | May 7, 2021 12:16 pm

ජෝර්දානයෙන් ශ්‍රී ලංකාවේ ඉස්සන්ට ලොකු ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ වන්නමෙයි ඉස්සන් මෙට්‍රික් ටොන් 5.6 ක ඇණවුමක් ජෝර්දානයෙන් ලැබී තිබේ. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ මෙම ඇණවුම ලබා ගැනීමට හැකි වී ඇත. ශ්‍රී ලංකාවේ වන්නමෙයි ඉස්සන් ජෝර්දාන් වෙළඳපොළට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වන අතර. දැනට ජෝර්දානයේ අලෙවි කරනු ලබන්නේ වියට්නාම සම්භවයකින් යුත් වන්නමෙයි ඉස්සන්ය. මෙම නිෂ්පාදනය හඳුන්වාදීම…

(0)Comments | May 7, 2021 12:08 pm

සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් අතර හමුවක්

“ආහාර අංශයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ ගැනුම්කරු හා විකුණුම්කරු අතර හමුවක්” යන මැයෙන් 2021 අප්‍රේල් 27 වැනි දින එන්ටර්ප්‍රයිස් සිංගප්පූරු ආයතනය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් පැවැත්විණ. වෙබ්නාර් සාකච්ඡාවක් ලෙස පැවැති හමුවේදී සිංගප්පූරු ගැනුම්කරුවන් සහ බෙදාහරින්නන් ආකර්ශණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සැපයුම් හැකියාව සහ ප්‍රධාන අපනයන කෘෂි…

(0)Comments | May 7, 2021 12:00 pm

DFCC බැංකුව Micro Merchant Businesses වැඩසටහන සඳහා Visa සමග එක්වෙයි

DFCC බැංකුව මෙරට ක්ෂුද්‍ර පරිමාණ වෙළඳ ව්‍යාපාර (Micro Merchant Businesses) වලට  ඩිජිටල් තාක්ෂණය මුල්කරගත්, ලාභදායී ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දීම සහ එම ව්‍යාපාර අතර කාඩ්පත් මගින් ගෙවීම් භාරගැනීම ප්‍රචලිත කිරීම සඳහා Visa ආයතනය සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය නුදුරු අනාගතයේදී මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරන බැංකුව…

(0)Comments | May 6, 2021 6:35 pm

වෙරළාසන්න වාණිජ යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුවක්

සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයත් සමඟ නෞකා මඟින් මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය වැඩිවීම හේතුවෙන් වෙරළාසන්න වාණිජ යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලය, එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සමඟ වරාය හා නාවික අමාත්‍යාංශයේ සහයෝගයෙන් එවැනි නියාමන රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එම…

(0)Comments | May 5, 2021 1:56 pm