Top News

පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් – අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ. අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කුඩා…

(0)Comments | February 28, 2024 9:05 am

ආයෝජකයෝ සක්‍රීය වෙති. කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 2 1/2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (27) දිනයේ දී පසුගිය දිනවලට සාපේක්ෂව සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. එහිදී දිනය තුළ රු. බිලියන 2.53 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අනුව අද දිනයේ දී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 2.16 ක් ලෙසත් සටහන් වී තිබේ. සාපේක්ෂව විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය…

(0)Comments | February 27, 2024 6:20 pm

අද හවස ශ්‍රීලංකන් යානා 3ක් අවලංගුයි. 4ක් ප්‍රමාදයි

අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3ක් අවලංගු වී තිබේ. මේ අතර තවත් ශ්‍රීලංකන් යානා 4 ක් පිටත්වීම ප්‍රමාද වන බව වාර්තා වේ. අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිල ගුවන් ගමන් කාලසටහන මේ බව පෙන්වා දේ. ඒ අනුව පැය 17.10ට මුම්බායි දක්වා පියාසර කිරීමට…

(0)Comments | February 27, 2024 4:07 pm

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්. 10කට කැබිනට් අනුමැතියත් නැහැ – ඇමතිගෙන් අනාවරණයක්

මේ දිනවල විදුලබල මණ්ඩලයේ මානව සම්පත් විගණනයක් සිදුකරනු ලබන බවත්, ඊට අනුව විවිධ දීමනා වර්ග 36 ක් මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයින්ට ගෙවනු ලබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ (26) විකාශය වූ දෙරණ 360 වැඩිසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අනාවරණය කළේ, මෙම දීමනා 36 න්…

(0)Comments | February 27, 2024 2:13 pm

වෝටර්ස් එජ් අක්කර 4ක් අසෝක විද්‍යාලයට

බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60ක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ – 10, අසෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මඟින් දීර්ඝකාලීන බදු…

(0)Comments | February 27, 2024 12:59 pm

SME ව්‍යවසායකයින් ගොඩගන්න රු. බිලියන 20ක ව්‍යාපෘතියක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන…

(0)Comments | February 27, 2024 12:39 pm

ඩොලරය රු. 310 මට්ටමට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate)  රු. 310.75 ක් ලෙසින්…

(0)Comments | February 27, 2024 12:29 pm

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියා වන HNB ආර්ථික අභියෝග මධ්‍යයේ 2023 වසර සඳහා තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB ) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ප‍්‍රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘‘මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර ආරම්භ…

(0)Comments | February 27, 2024 11:31 am

සන්ෂයින් හෝල්ඩින්ග්ස් රුපියල් බිලියන 5.5ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10%ක පිරිවැටුමක් සහ 44%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති…

(0)Comments | February 27, 2024 11:29 am

සෙනසුරාදා සංචාරකයින් 10,000 ක් ඇවිත්. පෙබරවාරියේ ආ පිරිස 191,000 ඉක්මවයි. වැඩිම පිරිස රුසියාවෙන්

පසුගිය පෙබරවාරි 24 වන සෙනසුරාදා දිනයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 10,014 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය යළි පිබිදීමෙන් පසු තනි දිනක් ඇතුළත මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙසින් මෙය දැක්විය හැකිය. මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 පෙබරවාරි මාසය…

(0)Comments | February 26, 2024 4:11 pm