Top News

ප්‍රයිම් රෙසිඩන්සීස් මූලික කොටස් නිකුතුවට මුල් දිනයේ දීම අධිදායකත්වයක්

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි මූලික මහජන කොටස් නිකුතුව ඊයේ (11) දින විවෘත වූ අතර ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව මූලික අදියරේ දී සමාගම කොටස් මිලියන 100 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අධිදායකත්වයක් පැවතීම හේතුවෙන් ඒහි දෙවන අදියර ලෙස තවත් කොටස් මිලියන 87.5 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත….

(0)Comments | May 12, 2021 10:12 am

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ තෙවන අදියරට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට එළඹ ඇත. එම වැඩසටහන යටතේ නැගෙනහිර, උතුරු, ඌව සහ බස්නාහිර පළාත්වල ග්‍රාමිය පිවිසුම් මාර්ග කිලෝමීටර 3,400ක් පමණ පිළිසකර කර නඩත්තු කිරීමටත්, එම පළාත්වල ග්‍රාමීය ප්‍රජාව සහ…

(0)Comments | May 12, 2021 9:50 am

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමග සබැඳියාව ශක්තිමත් කරයි

ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය (Systematic Country Diagnostic – SCD) යාවත්කාලීන කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කරනු ලැබීය. අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ මහජනතාව සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමටත්, වැදගත් සංවර්ධන අවස්ථා සහ අභියෝග පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටත් ලෝක බැංකුව අපේක්ෂා කරයි. රටක් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය නැතහොත්…

(0)Comments | May 11, 2021 9:11 pm

කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම් අංශ හෙට අනිද්දා වැසේ

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් 2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාල වල සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ වසා තැබීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.  2021-05-17 දින සිට ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල  මගින් සිදු කරන සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීම් ශාඛාව පමණක්…

(0)Comments | May 11, 2021 6:24 pm

කොවිඩ් හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවකයින්ට සහනයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හඳුනාගත් සහන 2021 මාර්තු මස 31 දින දක්වා ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම තවදුරටත් පැවතීම හේතුවෙන් බස්රථ ධාවන කටයුතු විධිමත් ආකාරයෙන් සිදු නොවන බව සැලකිල්ලට ගෙන 2021 අප්‍රේල් මස 01 දින…

(0)Comments | May 11, 2021 1:13 pm

මුතුරාජවෙලට ‘මාස්ටර් ප්ලෑන්’ ඒකක් කඩිනමින්

මීගමු කලපුවෙන් සහ වගුරු බිම් කලාපයකින් යුක්තව හෙක්ටයාර 6,232ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති මුතුරාජවෙල ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය ප්‍රදේශයේ පාරිසරික ස්ථායීතාව රැක ගනිමින් නාගරික වැසියන්ගේ සාමාජීය ආර්ථික සුභසාධනය පවත්වාගෙන යාමට මහත් පිටුවහලක් සපයයි. මෙම තෙත් බිම් කලාපය රැක ගැනීමේ අරමුණින් 1991 වර්ෂයේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ මහ කොළඹ ආර්ථික කොමිසම එක් ව සකස් කරන ලද…

(0)Comments | May 11, 2021 12:52 pm

මැලේසියාවේ සහයෝගයෙන් සෞඛ්‍යයට අහිතකර ආහාරපාන ප්‍රචාරණය පිළිබඳ පර්යේෂණයක්

සෞඛ්‍යයට අහිතකර ආහාරපාන පිළිබඳ රූපවාහිනි ප්‍රචාරණයේ ව්‍යාප්තිය හා ස්වභාවය සම්බන්ධයෙන් ආසියාවේ රටවල් 09ක ගැහැනු හා පිරිමි ළමයින් උපයෝගී කර ගනිමින් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය අතර එකඟතාවක් ඇති කර ගෙන ඇත. ඒකී පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය වෙත මූල්‍ය ආධාර සපයනු ලබයි….

(0)Comments | May 11, 2021 12:43 pm

ඩොලරයේ මිල මහ බැංකුවේ රු. 199.50 යි. මුදල් අමාත්‍යාංශයේ රු. 196.99 යි

විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනික විනිමය අනුපාතික සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. මෙහිදී මහ බැංකුව පවසන්නේ වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාත දිනයෙහි…

(0)Comments | May 10, 2021 4:12 pm

හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක්‍ෂණ චාරිකාවක

මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා, කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමඟින් එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක්‍ෂණ සංචාරයක පසුගියදා නිරත විය. වසර ගණනාවක් පුරාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවාව වෙනුවෙන් ඉමහත් කීර්තියක් හිමිකරගෙන ඇති ජයවර්ධන මහතා, කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සහ එහි බලපෑම…

(0)Comments | May 10, 2021 3:47 pm

කොරියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක සහන ණයක්

දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක් ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හරහා…

(0)Comments | May 10, 2021 3:18 pm