අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 309.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2023 ජූලි 07 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81…
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට (De-list) තීරණය කර ඇති බව පසුගිය සතියේ දී දැනුම් දුනි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ ජපානයේ SG Holdings Global Pte Ltd…
කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් හෙට දින (5) පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට පසුගිය දා (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව අද (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇත. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී…
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ පාරදෘශ්‍ය සූර්ය බල නියමු ව්‍යාපෘතිය ඊයේ (29) මහනුවර, හන්තාන ප්‍රදේශයේදී දියත් කරන ලදී. මෙම නියමු ව්‍යාපෘතිය මගින් මෙරට තේ වතුවල පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය අධ්‍යයනය කිරීම සඳහා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට සහාය…
ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ෙ ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල්…
මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රධාන කරුණු 15ක් යටතේ වගකීම් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ලද පාලන විනිශ්චය තක්සේරුවට (Governance Diagnostic Assessment) රජය සිය ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙවැනි කටයුත්තකට අවතීර්ණ වූ…
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (01) දිනයේ දී රු. 310 සීමාවෙන් මෙපිටට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරන පරිදි අද දින ඩොලරයේ මිල වාර්තා වූයේ රු. 309.89 ක් ලෙසිනි. මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 305.16 ක් ලෙසත් විකුණුම් මිල රු. 314.87 ක් ලෙසින් සටහන්ව…
2024 වසරේ ජනවාරි මාසයේ දී, වෙළඳ ගිණුමේ හිඟය ප්‍රධාන වශයෙන් ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් පුළුල් විය. වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, ප්‍රධාන වශයෙන් ආනයනයන් හි ඉහළ වර්ධනයත් සමඟ 2023 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 445ක සිට 2024 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 541ක් දක්වා පුළුල් විය. මීට අමතරව…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 6.4 හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 3.3හි සිට 2024 පෙබරවාරි මාසයේ දී සියයට 3.5 ක් දක්වා…
Video Story