Top News

පෝර්ට් සිටි ‌ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබන හෙට දින (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…

(0)Comments | May 17, 2021 9:17 am

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 24.7 ක ආදායමක් වාර්තා කරයි. ශුද්ධ ලාභයේ 14% ක වැඩිවීමක්

සමූහයේ බදු පසු ලාභය රු. බිලියන 2.1 දක්වා පසුගිය වසරට සාපේක්ෂව 14.3% කින් වර්ධනය වෙයි. ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4% කින් වර්ධනය වී රු. බිලියන 24.7 ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රු. බිලියන 12.2 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වෙයි. කාර්තුව තුළ ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5.6 කි. 2021…

(0)Comments | May 17, 2021 8:11 am

සංචරණ සීමා තුල දැඩි සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් අපනයන අංශ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාය

කොවිඩ් –19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක පියවරයන් දැඩිව අනුගමනය කරමින් සියළුම අපනයන අංශ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි. පළාත් අතර සංචරණය මැයි 12 සිට 31 දක්වා සීමා කර ඇතත්, මෙම කාල සීමාව තුළ අපනයන භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සාක්ෂි තහවුරු කිරීමකට යටත්ව අවසර ඇත….

(0)Comments | May 17, 2021 7:57 am

අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් වලින් ඉහළ වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතු වලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පොලී ආදායම් වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ  ප‍්‍රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට බැංකුව සමත්ව ඇත. මේ අනුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී. එල්….

(0)Comments | May 14, 2021 1:46 pm

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය FitsAir සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. ඒ අනුව එයාර්බස් A330 සහ A320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (MRO) සැපයීම ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවයේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර්බස්…

(0)Comments | May 14, 2021 1:42 pm

කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහාය

පවතින අවදානම් තත්ත්වය මත වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් ලෙස සලකන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. මේ සදහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිරතුරුව ලබා දෙන බවටත් මාධ්‍ය නිවේදනයක් මගින් ඔහු පවසයි. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය…

(0)Comments | May 14, 2021 12:41 am

2021 මුල් මාස 03 ට විදුලිබල මණ්ඩලයට රු. කෝටි 892 ක පාඩුවක්

2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් වූ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ් අනුව අදාළ මූල්‍ය කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92 ක හෙවත් රු. කෝටි 892 ක අලාභයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත් මෙහි ඇති සාධනීය කරුණ නම් 2020 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී…

(0)Comments | May 13, 2021 3:32 pm

ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසලේ දී “ශ්‍රී ලාංකික නිෂ්පාදන” වෙළඳ කුටියක් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන සදහා ඕමානයේ සුපිරි වෙළද සැලක විශේෂ වෙළද කුටියක් ස්ථාපිත කර තිබේ. විදේශ අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයට අපනයනය කරන ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන සහිත මෙම වෙළද කුටිය ඉකුත් දා ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ එහි ප්‍රධාන විධායක ශ්‍රීධර් මුසාපෙට් මහතා සමග එක්ව විවෘත කළේය. ඕමානයේ මදිනට්…

(0)Comments | May 13, 2021 10:47 am

MarCom Collective හි නව අධ්‍යක්ෂ මණ්ඩලය හා උපදේශක සභාව තේරී පත්වෙයි

පසුගියදා පවත්වනු ලැබූ MarCom Collective හි සමාරම්භක රැස්වීමේදී ඒ සඳහා වන නව අධ්‍යක්ෂ මණ්ඩලය හා උපදේශන සභාව තෝරා පත්කර ගනු ලැබූ බව නිවේදනය කරන ලදී. ඒ ආකාරයෙන් අලුතින් පත් කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්ය භාරය වන්නේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වන අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය සඳහා සහාය වීමයි. එසේම ප්‍රතිඵත්තිමය කරුණු සම්බන්ධයෙන්…

(0)Comments | May 13, 2021 10:27 am

ප්‍රයිම් රෙසිඩන්සීස් මූලික කොටස් නිකුතුවට මුල් දිනයේ දීම අධිදායකත්වයක්

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි මූලික මහජන කොටස් නිකුතුව ඊයේ (11) දින විවෘත වූ අතර ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව මූලික අදියරේ දී සමාගම කොටස් මිලියන 100 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අධිදායකත්වයක් පැවතීම හේතුවෙන් ඒහි දෙවන අදියර ලෙස තවත් කොටස් මිලියන 87.5 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත….

(0)Comments | May 12, 2021 10:12 am

Video Story

Stock Market

Exchange Rates