Top News

ධම්මික පෙරේරා රෙදි නිපදවන දැවැන්ත සමාගමක් මිල දී ගනී

අපනයන අභිමුඛ වෙළෙඳපොළ වෙනුවෙන් රෙදි (knit fabrics) නිෂ්පාදනයේ නිරත ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන South Asia Textiles හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ෆැබ්රික් පීඒල්සී සමාගම විසින් ඊයේ (22) දින කටයුතු කර තිබේ. හේලීස් ෆැබ්රික් පීඒල්සී සිය අපනයන මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත අංශය තවදුරටත් පුළුල් කිරීමේ උපක්‍රමික පියවරක් ලෙසින් මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම…

(0)Comments | April 23, 2021 2:57 pm

ගෑස් මිල සූත්‍රය

මේ වන විට වෙළෙඳපොළේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක බර කිලෝ 9.5 ක් දක්වා අඩුකර මිල රු. 100 කින් පහළ දමා තිබෙන බවත් මෙසේ ගෑස් මිල තීරණය කෙරෙන සූත්‍රය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අද (23) දින පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. කෙසේ වෙතත්…

(0)Comments | April 23, 2021 1:15 pm

මැයි 3 වනදා සිට එමිරේට්ස් කොළඹට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව 7 දක්වා වැඩි කරයි

මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන මෙම ගුවන් ගමන…

(0)Comments | April 23, 2021 12:33 pm

SLIM ඉතිහාසයේ සභාපති ධූරයට පත් පළමු කාන්තාව බවට තිලංකා අබේවර්ධන පත්වෙයි

SLIM 51 වැනි වාර්ෂික මහා සභාවේදී නව සභාපතිවරයෙක් සහ නව විධායක කමිටුවක් තෝරා පත්කර ගැනේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2021 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ අතර 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක…

(0)Comments | April 23, 2021 12:20 pm

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කොරියානු ජනරජයේ Sungkyunkwan විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධි විෂයමාලා සංවර්ධනයේදී සහයෝගිතාව ඉහළ නැංවීම, අධ්‍යයන වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සහය වීම සහ ද්විතීයික හා කණිෂ්ඨ විද්‍යාල සිසුන් සඳහා නව්‍ය පර්යේෂණ වැඩසටහන් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් දෙපාර්ශ්වය අතර ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි අධ්‍යයන හා සංස්කෘතික හුවමාරුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය…

(0)Comments | April 23, 2021 8:42 am

WINDFORCE කොටස් ගනුදෙනු ඇරඹෙයි. පළමු දිනයේ දී 15% කින් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන WINDFORCE LIMITED හි ද්විතියීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (22) දිනයේ දී ආරම්භ විය. මූලික මහජන කොටස් නිකුතුවේ දී WINDFORCE LIMITED සමාගමේ කොටසක් රු. 16.00 බැගින් නිකුත් කෙරුණු අතර අද දිනයේ දී රු. 17.70 සිට රු. 19.00 දක්වා මිල ගණන්වල දී ඒහි කොටස් ගනුදෙනු විය. දිනය අවසානයේ දී අවසන්…

(0)Comments | April 22, 2021 5:29 pm

මහජන බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින පෙරවරුවේ පිළිගන්වන ලදි. වාර්ෂික වාර්තාවට අනුව මහජන බැංකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය බිලියන 14කි. 2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල්…

(0)Comments | April 22, 2021 5:08 pm

ලෝක බැංකුවෙන් මහනුවර ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය‌ට ඩොලර් මිලියන 69.33 ණයක්

මාර්ග ආරක්ෂාව, සංචාරක, කොවිඩ් ආර්ථික පුනර්ජීවය සඳහා සහාය වීමට මහනුවර ප්‍රධාන සංක්‍රමණ පර්යන්තය නැවත සංවර්ධනය කිරීම මහනුවර ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අද දින ඩොලර් මිලියන 69.33 ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම  පර්යන්තය දුම්රිය ස්ථානයට සම්බන්ධ වන අතර, නවීකරණය කළ පසු දුම්රිය, බස්, ත්‍රිරෝද රථ, සහ…

(0)Comments | April 22, 2021 4:48 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය කෙන්යාවේ නයිරෝබි නුවර වෙත මෙහෙයුම් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත. ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO), සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) අතර අද (22 )…

(0)Comments | April 22, 2021 2:51 pm

සංස්කෘතික සහයෝගීතාව නංවන්න මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට තීරණය කර තිබේ. මාලදිවයිනේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් රෝහණ බැද්දගේ මහතා සහ මාලදිවයිනේ සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ අමාත්‍යවරිය වන යුම්නා මෞමූන් මහත්මිය අතර ඉකුත් 15 දා පැවැති අන්තර්ජාල හමුවේදී මෙම තීරණයට එළඹ තිබේ. එම හමුව අතරතුර, මහ කොමසාරිස් බැද්දගේ මහතා…

(0)Comments | April 22, 2021 2:40 pm