2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජනවාරි 09 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි….
2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද දින (2024.02.15) ප්‍රකාශයට පත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, ප්‍රධාන වශයෙන් ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ…
නාවික බහාලුම් ප්‍රවාහනය කිරීම 32%කින් ඉහළට – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ…
ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒසියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීමට 2017 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන ලදී. මෙම ව්‍යාපාර අත්හිටුවීම වරින් වර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලැබීය. මේ අතර පෑන් ඒසියා බැංකුවේ සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද…
මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන් ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි. දින 14 ක් පුරා පැවැත්වෙන මෙම…
කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන්ගමන් යළි අරඹන බවත්, ඒ සමඟම ත්‍රිකුණාමලය සහ මඩකළපුව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇති බවත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමානාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “අපිට අත්‍යාවශ්‍යම දෙයක් වුණේ අපේ අභ්‍යන්තර ගුවන් සේවා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිකෝ මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ඇගයීමට ලක් විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ…
වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කරනවා – 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. විභාග බර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළ…
2024 පෙබරවාරි මාසයේ මේ දක්වා (14 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා මහතා පවසයි. මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණ දැක්වීම සඳහා අද (14) දින කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. මේ…
Video Story