Top News

උද්ධමනය ඉහළට

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ඉහළ යන ලදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ…

(0)Comments | April 22, 2021 8:33 am

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය සමඟ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ ව්ශ්වවිද්‍යලයේ දී පැවැති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. කොන්සල් ජනරාල්වරයා කියා සිටියේ, වෙනත් ක්‍රියාකාරකම් හැරුණු විට ඔහු ඕස්ට්‍රේලියාවෙන් ඍජු විදේශ ආයෝජන…

(0)Comments | April 22, 2021 8:09 am

ඩොලරය යළි 200 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ. මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (SPOT Exchange rate) යනු…

(0)Comments | April 21, 2021 12:59 pm

කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීමට අවධානය යොමු වෙයි

ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීම, තේ වෘත්තිකයින්ගේ සංවර්ධනය, රුසියාවේ තේ සඳහා ඇති ඉල්ලුම වැඩි දියුණු කිරීම, අරමුණු කර ගත් රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනයක් ඉකුත් මාර්තු 11දා මොස්කව් හි මියුසික් මීඩියා ඩෝම් හිදී පැවැත්ව්ණ. දින තුනක් පුරා පැවැති  මේ වසරේ “කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ -2021” ප්‍රදර්ශනයට  කෝපි, තේ සහ කොකෝවා සම්බන්ධ විශිෂ්ටතම සමාගම් 170 ක් එක්…

(0)Comments | April 21, 2021 12:26 pm

පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් කැඳවයි

2022 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් රෙදි 2021 වර්ෂයේ අවසන් පාසල් වාරය නිම වීමට ප්‍රථම සිසුන් වෙත ලබා දීමට සැළසුම් කර ඇත. දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගත යුතු බවට මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ…

(0)Comments | April 21, 2021 11:24 am

වරාය නගරයේ ආයෝජනයට ධම්මික පෙරේරාට ආරාධනා

කොළඹ වරාය නගර (පෝර්ට් සිටි) ව්‍යාපෘතියේ ආයෝජනය කිරීම සඳහා තමන් වෙත ආරාධනාවක් ලැබී ඇති බව මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (20) අද දෙරණ 24 හි විකාශය වූ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ ඒක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. වරාය නගරයේ ආයෝජනය සඳහා ආරාධනාවක් ලැබී ඇත්දැයි යනුවෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මෙය ධනාත්මක ලෙස තමන්…

(0)Comments | April 21, 2021 8:38 am

ශ්‍රීලංකන් ගුවන් සේවය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රීලංකන් ගුවන්  සමාගමේ ශ්‍රීලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.  ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් බලාපොරොත්තු වන අතර මෙම නව සම්බන්ධතා තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාඩු අත්දැකීම් වලට වටිනාකමක් එක් කිරීමට…

(0)Comments | April 20, 2021 9:48 pm

රුපියල අදත් අධිප්‍රමාණය වෙලා. ‌ඩොලරය රු. 191.88 යි – රාජ්‍ය ඇමති කබ්රාල් වගකීමෙන් කියයි

තමන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අද දිනයේ නිවැරදි විනිමය අනුපාතික අගයයන් ලබා ගත් බවත්, ඒ අනුව ඩොලරයක මිල රු. 191.88 ක් බව වගකීමෙන් ප්‍රකාශ කරනු ලබන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) දින පාර්ලිමනේතුවේ දී කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්…

(0)Comments | April 20, 2021 6:13 pm

ආණ්ඩුවේ බැංකුවේ ඩොලරය රු. 206.50 යි – හර්ෂ ද සිල්වා

රජයේ වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ අද (20) සවස වන විට ඩොලරයක මිල ‌රු. 206.50 ක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ඒ් සමඟම තවත් වාණිජ බැංකු කිහිපයක් විසින් අද දින නිකුත් කර ඇති ඩොලරයේ වටිනාකම් සඳහන් ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. මෙහි දී වැඩිදුරටත් කරුණු…

(0)Comments | April 20, 2021 6:04 pm

පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමට කැබිනට් අනුමැතිය

රැකියා වෙළඳපොළෙහි වැඩි ඉල්ලුමක් පවතින වෘත්තීන්හි ගුණාත්මක බව වැඩි කිරීම සඳහා ඉහළ වෘත්තීය පිළිගැනීමක් හා නිපුණතාවක් සහිත ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමක වෘත්තිකයින් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇත. මෙරට තුළ උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබනුයේ 20%ක පමණ ප්‍රතිශතයක් වන අතර එම අවස්ථාව හිමි නොවන කණ්ඩායම කාර්මික…

(0)Comments | April 20, 2021 3:21 pm