සාකච්ඡා සඳහා ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ…
ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වැනි සාංවත්සරික සම්මේලනය ඊයේ (13) කොළඹ දී පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවේ දී “බැංකු කර්මාන්තය සඳහා දැක්වූ වඩාත් කැපීපෙනෙන දායකත්වය” (Most Outstanding Contribution to the Banking Industry) සඳහා වූ යාවජීව සම්මානය වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනමා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.26 ක් ලෙසත් විකුණුම් මිල රු. 318.16 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 313.42 ක් ලෙසින් වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය…
අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බවත්, පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ එම සමාගම්වල ක්‍රියාකාරම් නියාමනය සඳහා බවයි. අදාළ කෙටුම්පත මේ වන විට පාර්ශ්ව කිහිපයක් විසින්…
පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ලබාදෙන ජපන් යෙන් මිලියන 1,230 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.8 ක) ව්‍යාපෘති ආධාරය පිරිවැය අඩු කරන හා පිරිසිදු බලශක්ති අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු පුබුදුවාලන නවෝත්පාදනයක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය සීග්‍රයෙන් වර්ධනය වේ. හරිතාගාර වායු විමෝචනයට දායක…
ශ්‍රී ලංකාවේ සිසුන් හට ඉන්දියාවේ 120කට අධික ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණයකින් උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටී. නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය, රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය, මවුලානා අසාඩ් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සහ…
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රගතිය පිළිබඳ කටයුතු භාරව සිටින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහාය ලබා දීමේ අරමුණින් නව මුලපිරීමක් දියත් කර ඇත. මෙම හවුල්කාරීත්වය මගින් IDB හි පාර්ශවකරුවන් හට IDB වෙබ් අඩවියේ ‘BizConnect’ හරහා ගෝලීය වෙළඳපලට පිවිසීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල…
පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් මහතා පැවසීය. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන…
තව නෙබෝ දිනකින් ඩොලරයක මිල රු. 280 ක් දක්වා අඩුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකළේය. “විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. පසුගිය වර්ෂයේ ඉතාම දරුණු විනිමය අර්බුදය තිබුණු වෙලේ, තෙල් නැති අවස්ථාවේ දී ඩොලරය උන්ඩියල් කළේ රුපියල් 400 ට. අද ඩොලරයට ගෙවන්නේ…
ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මුලපිරීම දියත් කරයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීම’ යන නව ව්‍යාපෘතිය දියත් කරන ලදී. ජ්‍යේෂ්ට රාජ්‍ය නිලධාරීන් රැසක් ද…
Video Story