Top News

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බලපත්‍රලාභී මුදල් සමාගම්වලට නියාමන රාමුවක් හඳුන්වා දෙයි

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත  අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති…

(0)Comments | April 19, 2021 6:08 am

අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයේ වෙනසක්

භාණ්ඩ අපනයනකරුවන්ගේ ලද ඉල්ලීම් සලකා බලා 2021.03.09 දින ප්‍රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය, මුදල් මණ්ඩලය විසින් පහත පරිදි සංශෝධනය කර තිබේ. (අ) භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය සියයට 25 සිට සියයට 10 දක්වා අඩු කිරීම. සහ (ආ) ඉහත අවශ්‍යතාවය අනුව, භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට…

(0)Comments | April 19, 2021 5:19 am

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද ඒක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකාවට ලැබී තිබේ. මේ අනුව අද දිනයේ දී ඩොලරයට ඒරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සුවිශේෂී අධිප්‍රමාණයක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල…

(0)Comments | April 16, 2021 2:51 pm

ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු සඳහා ඕමානයේ ඉහළ ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අවධාරණ කළේය. ශ්‍රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්‍රිය හයිපර් මාකට් දාමයන් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී…

(0)Comments | April 16, 2021 10:22 am

නිෂ්පාදන – සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මාර්තු මාසයේ දී ඉහළට

මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී. සේවා අංශය අඛණ්ඩව සිව්වන මාසයටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය…

(0)Comments | April 16, 2021 10:15 am

රාජ්‍ය ඇමති කබ්රාල් මස්කට් බැංකුවේ ප්‍රධාන විධායක හමුවෙයි

ඕමාන මස්කට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් වලීඩ් කමීස් අල් හෂාර් මහතා සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකා බැංකුවල අනාගත සහයෝගීතාව පිළිබඳව මස්කට් බැංකුව සමඟ සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී. රාජ්‍යතාන්ත්‍රික හමුවක් සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත්…

(0)Comments | April 14, 2021 9:31 am

සියැට් කැලණි ට‍්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 125% කින් ඉහළට

පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළට දෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි ආනයන සීමාවන් තුළින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යමින් තිබෙන ජාතික උත්සාහයට තවදුරටත් සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව…

(0)Comments | April 14, 2021 9:10 am

බෝට්ටුවෙන් එන අය අල්ලන්න ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට ඩ්‍රෝන 5 ක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් යුතුව ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරට පොලිසිය වෙත ඩ්‍රෝන 5 ක් පරිතයාග කර තිබේ. මේ පිළිබඳව වාර්තා කරමින් Australian Aviation Magazine පවසන්නේ ස්වභාවික ආපදා දර්ශන තක්සේරු කරන සහ අන්තර්ජාතික අපරාධ විමර්ශන සිදුකරන “ඩ්‍රෝන ආවේක්ෂණ හැකියාවක්” ඇති කිරීමට ශ්‍රී ලංකාවට උදව් කිරීමේ පුළුල් ව්‍යාපෘතියක කොටසක් ලෙසින් මෙම…

(0)Comments | April 14, 2021 8:47 am

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙහි” ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කරන ලදී. ආයතනයේ මූල්‍ය  තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා…

(0)Comments | April 13, 2021 8:09 am

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට වැඩිපුර වන්දි මුදල් ගෙවීම අද සිට

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම ද ෆිනෑන්ස් කම්පනි පී එල් සී ආයතනයේ තැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම කලින් නියම කොට තිබූ පරිදි ම අද දින ඒනම් 2021.04.12 දින ආරම්භ…

(0)Comments | April 12, 2021 11:30 am