2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම…
ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අඩුම වියදමක් යටතේ සංචාරය කිරීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. වේගයෙන්…
අද (01) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කරනු ලැබීය. දිනයේ මුල් පැය කිහිපය තුළ දී මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දිනය අවසානය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.62 ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක…
පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි. මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය (USD/LKR SPOT Indicative Exchange Rate) රු. 300.40 ක් ලෙසින් වාර්තා වේ. ඩොලරයේ අගය මෙලෙස රු. 300 මට්ටමට පැමිණ ඇත්තෙ 2023 ජූනි 13 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 295.57 ක් හා විකුණුම්…
Cinnamon Hotels & Resorts හි වනජීවී සහ සොබාදහම ඉලක්ක කරගත් සංචාරක අංශය වන Cinnamon Nature Trails වෙතින් පාරිසරික චාරිකා පිළිබඳ විශේෂඥ වැඩපිළිවෙළක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. තිරසර සංචාරක භාවිතාවන් සඳහා ප්‍රමුඛතාව දෙමින්, අභ්‍යන්තර ස්වභාව විද්‍යාඥයන් සකස් කරන ලද මෙම සුවිශේෂී වැඩපිළිවෙළ අංග 5කින් සමන්විත අතර නගරාශ්‍රිත පරිසර විවිධත්වය කේන්ද්‍ර කරගනිමින් …
එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී (Expolanka Holdings PLC) විසින් 2024 මාර්තු 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා සුරැකුම්පත්…
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත. මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන්…
2024 වසරේ මුල් මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.42% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන් වුණු සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (28) දින වන විට ඒකක 11,444.38 ක් දක්වා මේ අනුව ඉහළ ගොස් තිබිණි. මේ අතර ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය 2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. 2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.6කින් අතිප්‍රමාණය විය. මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල…
Video Story