ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 3 වන වරටත් ‘South Asian Travel Awards’ (SATA) හිදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘Leading International Airline in South Asia’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ඉන්දියානු උප මහාද්වීපය, මැද පෙරදිග, ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යන කලාපවල රටවල් 21 ක ගමනාන්ත 33 ක් වෙත…
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙහි (TPR) පළමු සැසි වාරය ඊයේ (15) දින ආරම්භ වූ අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබී තිබේ. මෙය නව රජයේ ආර්ථික…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල 2025 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ඊයේ (15) දින සිට ආරම්භ විය. එහිදී LB ෆිනෑන්ස්, ලංකා අශෝක් ලේලන්ඩ් සහ ලංකා IOC යන ලැයිස්තුගත සමාගම්වල නවතම මූල්‍ය වාර්තා ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබුණි. LB ෆිනෑන්ස් සමාගම මෙහිදී රු. බිලියන 3.09ක…
2025 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 55.4ක අගයක් වාර්තා කළේය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි. සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම්…
සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා ලංකාවේ ක්‍රියාත්මක කැසිනෝ ආයතන විධිමත්වම නියාමනය කිරීමේ කාර්ය භාරය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාව පලකරන ලදී. එමෙන්ම එම නියාමන කාර්ය පිළිබඳ විධිමත් දැනුමක් සහිත පිරිසක් අවශ්‍ය බව පෙන්වා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේයේ සාර්ථකත්වය 35%ක් පමණක් බව වාර්තා වේ. එහිදී වෙන්දේසිය සඳහා රු. මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 102,413ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි. කෙසේවෙතත් එහිදී ලංසු අනුමත කර ඇත්තේ රු. මිලියන 27,209ක භාණ්ඩාගාර බිල්පත්…
අද පස්වරු 1.30 පමණ වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන් දිනයේ දෙවන වරටත් ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon සමාජ මාධ්‍ය පවසයි. එහිදී ඉතිහාසයේ පළමු වරට කැරට් 22 රන් පවුමක මිල රු. 351,500ක් දක්වාත්, කැරට් 24 රන් පවුමක මිල රු. 380,000ක් දක්වාත් ඉහළ ගොස්…
ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව, සංචාරකයන්ට වීසා…
ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේ දී මුණගැසුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ…
වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඔමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි විදේශීය ආයෝජකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔක්තෝබර් 15 වන දින කොළඹ වරාය සහ වරාය නගරය නිරීක්ෂණය කළහ. සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හැකියාව සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.සමුද්‍ර…