Top News

Vitol Asia සමාගමට බොර තෙල් නැව් 03ක කොන්ත්‍රාත්තුවක්

2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව 2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර ඒ…

(0)Comments | October 31, 2023 12:21 pm

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට ‘අස්වැසුම සතියක්’ – ෂෙහාන් සේමසිංහ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටළු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාදවී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…

(0)Comments | October 31, 2023 9:40 am

මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවක

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ. දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP)…

(0)Comments | October 31, 2023 9:36 am

ලංකා IOC ගිය මාස 03ට කෝටි 500ක ලාභයක් උපයයි

ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව 2023 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රු. බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රු. බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ. මෙම මූල්‍ය…

(0)Comments | October 30, 2023 4:00 pm

බිම්පුත් සමාගමේ සල්ලි දාපු අයට වෙන දේ මෙන්න

මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා පියවර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල ප්‍රතිපාදනයන්ට අනුකූලව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කරන ලද තැන්පතු සඳහා රක්ෂණ වන්දි ගෙවීමට…

(0)Comments | October 30, 2023 1:18 pm

ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවක සමසත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුවෙන්

ශ්‍රී ලංකා මහ බැංකුව – ආසියානු සංවර්ධන බැංකු ආයතනය – ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධව සිදුකළ සිවුවන පර්යේෂණ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරකත්වය දැරීය ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි ඒකාබද්ධ පර්යේෂණ වැඩමුළුව 2023 වසරේ ඔක්තෝබර් මස 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන්…

(0)Comments | October 30, 2023 11:47 am

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර ගණන 4 දක්වා වැඩි කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ නගරයේ සිට පාකිස්ථානයේ ලාහෝර් නගරය දක්වා සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 4 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව 2023 ඔක්තෝබර් 31 දින සිට, සෑම සතියකම ඉරිදා, සඳුඳා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර පියාසර කරනු ඇත. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය…

(0)Comments | October 30, 2023 10:55 am

පෝට් සිටියට ක්‍රිප්ටොකරන්සි හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට අවසර

අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙහිදී දීර්ඝ වශයෙන් කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී…

(0)Comments | October 27, 2023 12:30 pm

සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති 05ක්. නිවාස 2,500ක්

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති…

(0)Comments | October 27, 2023 8:32 am

රවී අබේසූරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයකු වූ රවී අබේසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ඊයේ (25) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. රවී අබේසූරිය මහතා, ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් හි ශ්‍රී ලංකා ඒකකයේ පළමු ප්‍රධානියා විය. Amba Research ආයතනයේ ආරම්භක ප්‍රධානියා වූ ඔහු මෙරට ජනතාවගේ…

(0)Comments | October 26, 2023 5:42 pm