Top News

කලාපීය වැවිලි සමාගම් ඉදිරිපත් කළ ඵලදායීතාවය හා සම්බන්ධ වැටුප් යෝජනාවට කම්කරු අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දිනකට රුපියල් 1108/-ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා වන සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම සංශෝධිත වැටුප් යෝජනාව කම්කරු අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති තවමත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා නොමැත. මෙම යෝජනාව මගින් කම්කරුවන් ඉල්ලූ රුපියල්…

(0)Comments | February 2, 2021 3:58 pm

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එම සමුළුව සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යවරු 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන ජාත්‍යන්තර බැංකු හා සමාගම්වල විධායක නිලධාරීන්, දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළුව 3,000 – 4,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇත….

(0)Comments | February 2, 2021 3:42 pm

උඩ ගිය කොටස් වෙළෙඳපොළ යළි බිමට. ඉතිහාසයේ දරුණුම කඩාවැටීම අද. සියලු කොටස් ඒකක 561 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩාවැටීමක් අද (02) දින වාර්තා විය. මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 561.75 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,005.32 ක් ලෙසින් සටහන් ව තිබුණි. මෙය 6.56% ක පහළ යාමකි. මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම…

(0)Comments | February 2, 2021 3:10 pm

දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දින පස්වරු 1.47 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 7.76% කින් පහළ ගොස් තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක්…

(0)Comments | February 2, 2021 1:56 pm

කොටස් ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (02) පස්වරු 1.01 ට අත්හිටුවන ලදී. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි. පස්වරු 1.31 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය. දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක -371.24 කින් සහ S&P SL20 දර්ශකය…

(0)Comments | February 2, 2021 1:19 pm

ඛනිජ තෙල් සංස්ථාව නැව් තෙල් ව්‍යාපාරය යළි අරඹයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධිත “ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ්” ආයතනය යටතේ නැව් තෙල් ඉන්ධන සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වා ගෙන ගිය අතර, 2004 වර්ෂයේදී එම ව්‍යාපාරය පෞද්ගලික අංශය සඳහා විවෘත කරන ලදී. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවත්වාගෙන යන ලද බන්ධිත ගුදම් පහසුකම්…

(0)Comments | February 2, 2021 11:29 am

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ඉතිරි තැන්පතු ගෙවීම් ගැන මහ බැංකුව මෙසේ කියයි

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී එල් සී – ඉතිරි තැන්පතු වලින් 50% ක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. 2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මඟින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී…

(0)Comments | February 2, 2021 11:13 am

අඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පසුබසී. සියලු කොටස් ඒකක 101කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් අද (01) දිනයේ දීද වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 101.0 කින් අද දිනයේ දී පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 8,567.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.17% ක පහළ යාමක් වේ. මෙයාකාරයෙන් සියලු කොටස් මිල…

(0)Comments | February 1, 2021 5:08 pm

කොටස් තැරැව්කාර සමාගම් සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක්. තැරැව්කරුවන්ගේ ගෙවීම් 30%ක ස්ථායී මට්ටමකට

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් නිකුත් කර ඇති අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම මාර්ගෝදේශන සංග්‍රහය සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 ජනවාරි 13 වන දින අනුමත…

(0)Comments | February 1, 2021 4:23 pm

රජයේ රෝහල් 40ක රෝගීන් ලක්ෂ 50කට ඩිජිටල් පහසුකම්

ඩිජිටල්කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි  (5,047,798) ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි. මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය වැඩපිළිවල යටතේ  ලියාපදිංචිව,  සේවා ලබාගත් අවස්ථා  ලක්ෂ එකසිය තිස්හතරක් (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි. මේ වන විට දිවයිනේ…

(0)Comments | February 1, 2021 1:44 pm