Top News

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂිකර්මාන්තයේ සහ ධීවර අංශයේ සහයෝගීතාව සඳහා විශාල ඉඩ ප්‍රස්තාවන් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනි ෆාම් තිබිච් න්ගොක් මහත්මිය සදහන් කළාය. ඇය සිය ශ්‍රී ලංකා තානාපති ධුර කාලය අවසන් කොට සමු ගැනීම සඳහා ඉකුත් 12 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. වියට්නාමයට ඔවුන්ගේ විශිෂ්ඨ…

(0)Comments | January 15, 2021 11:27 am

රුපියල මත පීඩනය නැවතත්. ඩොලරයේ ගැනුම් මිල රු. 190 හා විකුණුම් මිල රු. 194 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 190.33 ක් ලෙසත් විකුණුම් මිල රු. 194.07 ක් ලෙසත් සටහන් විය. පසුගිය 2020 දෙසැම්බර් 24 දින ඩොලරයේ විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් සටහන් වූ අතර එදිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම විකුණුම්…

(0)Comments | January 13, 2021 5:23 pm

කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. තනි දිනක් තුළ ඉතිහාසයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව අද

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය අද (13) වාර්තා විය. මෙහිදී අද දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වේ. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ. මීට පෙර තනි දිනක්…

(0)Comments | January 13, 2021 5:01 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 160කින් ඉහළට

2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් අද (13) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.  ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් වේ. සියලු කොටස් මිල දර්ශකයේ…

(0)Comments | January 13, 2021 4:23 pm

ශ්‍රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් රු. බිලියන 8.26 ක ආධාර

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75 ක හෙවත් රු. බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගිය දා කටයුතු කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා…

(0)Comments | January 13, 2021 2:31 pm

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල ගරු කොන්සල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. විදෙස් රටවල්වල ගරු කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම…

(0)Comments | January 13, 2021 12:00 pm

චීන ආයෝජකයින්ගෙන් ඉල්ලීමක්

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය වන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 05 වැනි දින ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනයෙහි සභාපති ගුවෝ ෂාවෝපින් මහතාගේ ආරාධනයෙන් එම ආයතනයට පැමිණි අවස්ථාවේ මෙම ඉල්ලීම කෙළේය. ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ…

(0)Comments | January 13, 2021 11:56 am

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම සමාගම් අතර තෙවැනි ස්ථානයට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව තෙවැනියට විශාල සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (12) දිනයේ දී පත්විය. ඒ ඊයේ දිනය අවසානයේ දී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 7.50 ක් ලෙසින් සටහන් වීමත් සමඟය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය 14,369,717,460 ක් වේ. මේ අනුව එහි වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු….

(0)Comments | January 13, 2021 10:59 am

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් මාස 03කට යළි ඇරේ. ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ගෙවීමේ තීරණයක්

සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින්…

(0)Comments | January 12, 2021 5:54 pm

Online ලොතරැයියෙන් මහපොළ අරමුදලට රු. මිලියන 673 ක් අහිමි වෙයි

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ…

(0)Comments | January 12, 2021 3:19 pm