බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පසුගිය වසරේ…
රජයේ ආදායම් වැඩි කිරීිම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීමට අදාළව, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් පත් කළ මූලික තාක්ෂණික කමිටුව ප්‍රගති සමාලෝචනය සඳහා පසුගියදා රැස් විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මෙම තාක්ෂණික කමිටුවේ කටයුතු අගයමින් කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන්…
වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල කියයි වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ජුනි මාසයේ දී 21% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී ඇත. රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන 2023…
2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය….
‘INFOTEL 2023’ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනපති පවසයි. ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග…
ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා…
විදේශ ව්‍යවහාර මුදල් ඒකක ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල ක්‍රමයෙන් අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව අද (03) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 323.65 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 334. 13 ක් ලෙසින් සටහන්ව තිබේ. මේ අතර අද දිනයේ මෙරට බලපත්‍රලාභී…
ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මේ වන විට අභිලාෂ කැඳවා තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බව වාර්තාව වේ. The Hindu Business Line පවසන්නේ ඒ අතර ගුවන් සේවා කර්මාන්තයේ නිරත සමාගම් මෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන සමාගම් ද ඇති බවයි. මේ පිළිබඳව කළ විමසීමකට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය…
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02)…
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 10 ක් ආවරණය කරමින් ක්ෂුද්‍ර,…
Video Story