Top News

ගොඩගැසී තිබුණු ටයිල් හා සනීපාරක්ෂක උපාංග සියලු තොග විකුණා ගන්න දේශීය නිෂ්පාදකයින්ට පුළුවන් වුණා – ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ කියයි

මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නිරත වී සිටි නිෂ්පාදකයින් හට ඔවුන් සතුව ගොඩගැසී තිබුණු සියලු තොග පසුගිය මාස කිහිපය තුළ දී අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වූ බව ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පවසයි. මේ වන විට වෙළෙඳපොළේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් පවතින හිඟය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජයසේකර මහතා…

(0)Comments | February 5, 2021 11:42 am

වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි – සියලු කොටස් ඒකක 238 කින් ඉහළට

පසුගිය ගනුදෙනු දින 3ක් පුරාවට අඛණ්ඩව මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වුව ද අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 238.09 ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්විය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,243.41 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.97% ක…

(0)Comments | February 3, 2021 4:13 pm

ලංකා IOC ලාභ 40%කින් ඉහළට

2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ලංකා IOC සමාගම රු. මිලියන 686.92 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව සිය නවතම මූල්‍ය ප්‍රකාශන හරහා කියා සිටී. 2019 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. මිලියන 489.75 ක් වේ. ඒ අනුව පසුගිය කාර්තුව තුළ…

(0)Comments | February 3, 2021 2:18 pm

කටුනායක පිහිටි Ecocycle පෙරසැකසුම් ඒකකයේ ගින්න මැඬපැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි INSEE Ecocycle ආයතන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක අද (2021 පෙබරවාරි 3 වැනිදා) අලුයම භාගයේ ගින්නක් ඇතිවිය. කෙසේ නමුත් ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ගිනි නිවීමේ ඒකකයේ සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගනිමින්, වහාම ගින්න මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනුණි. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඟපෙන්වීම ද…

(0)Comments | February 3, 2021 12:21 pm

ටයිල් ආනයන සීමා තවදුරටත් – නව ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීම කල්යයි

ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින්  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට…

(0)Comments | February 3, 2021 11:22 am

ටයිල්, සෙරමික් නිෂ්පාදිත ආනයන සීමා ලිහිල් කෙරේ

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව…

(0)Comments | February 3, 2021 12:52 am

අද දිනයේ දී රු. බිලියන 245ක්, කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 3,499.56 ක් ලෙසින් වාර්තා විය. මෙම අගය ඊයේ (01) දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහනු වූයේ රු. බිලියන 3,744.99 ක් ලෙසිනි. මේ අනුව අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 245.43 කින් පහළ ගොස් තිබේ. සමාගමක…

(0)Comments | February 2, 2021 5:30 pm

අර්ථසාධක අරමුදල සමාගම් 6 ක කොටස් ආයෝජන සම්පූර්ණයෙන් විකුණයි

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සමාගම් 6 ක කොටස් ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී අරමුදල විසින් ACL ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, Chemanex, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මල්වත්ත වැවිලි සමාගමේ ඡන්ද බලය හිමි හා නිෂ්ඡන්ද කොටස්,…

(0)Comments | February 2, 2021 4:53 pm

කලාපීය වැවිලි සමාගම් ඉදිරිපත් කළ ඵලදායීතාවය හා සම්බන්ධ වැටුප් යෝජනාවට කම්කරු අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දිනකට රුපියල් 1108/-ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා වන සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම සංශෝධිත වැටුප් යෝජනාව කම්කරු අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති තවමත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා නොමැත. මෙම යෝජනාව මගින් කම්කරුවන් ඉල්ලූ රුපියල්…

(0)Comments | February 2, 2021 3:58 pm

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එම සමුළුව සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යවරු 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන ජාත්‍යන්තර බැංකු හා සමාගම්වල විධායක නිලධාරීන්, දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළුව 3,000 – 4,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇත….

(0)Comments | February 2, 2021 3:42 pm