දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව) පරමේස්වරන් අයියර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ. එහිදී විදුලිබල හා බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව සාකච්ඡා වී ඇත. මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ,…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව සමඟ එකඟතාවයකට එළඹුණි. මෙම හවුල්කරිත්වයේ මූලික අරමුණ වන්නේ තෝරාගත් සෙලාන් බැංකු ශාඛා තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් සෙලාන් බැංකු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්වලට සරිලන පරිදි හඳුන්වා දීමයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2023 මැයි මස 12 වැනි දින සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ…
ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල වී වගාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය FAO හරහා ඩොලර් මිලියන 4.6ක් ලබා දීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 4,629,629ක් පිරිනමන ලදී. කුඩා පරිමාණ…
මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් මෙසේ මෙසේ සඳහන් වේ. මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ණය කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍යන්හි පැතිර ගිය කතාබහ සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය අවධාරණය කර සිටී. මේ අනුව එසේ සාකච්ඡාවට බඳුන් වූ කිසිදු ණය පහසුකමක් ණය කපා හැරීමක් සිදුකර නැත.
සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහුබත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09)…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (16) දිනයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 305.43 ක් සහ විකුණුම් මිල රු. 318.79 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2022 අප්‍රේල් 07 දිනෙන් පසු ඩොලරයක් සඳහා වාර්තා වූ…
ශ්‍රී ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ඉදිකළ හැකියි – ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි. සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක…
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2023 අප්‍රේල් 2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022 11 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 2023 06 01 දින සිට වසර දෙකක කාලයක්…
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන ආදායම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණය කිරීම දිරි ගැන්වීමේ අරමුණින්, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා…
Video Story