ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබීය. ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකියි. මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය…
මෙරට වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය. අද පෙරවරු 10 පමණ වන විට වානිජ බැංකු කිහිපයක යාවත්කාලීන දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සදහන් කර…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (17) දිනයේ දී රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකරන ලදී. මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුකරන ලැබූ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වේ. අද දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබූ අතර රු. මිලියන 261,351 ක ලංසු…
ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් වන, SHALIMAR (MALAY) PLC, SELINSING PLC, GOOD HOPE PLC සහ INDO MALAY PLC යන සමාගම්, කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන කාර්සන්ස් සමූහයට අයත් සමාගම් වේ. අද (17) දින මෙම සමාගම් හතරෙහි පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මෙම තීරණ ගෙන තිබේ….
කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස 03…
අද (17) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.42 ක් සහ විකුණුම් මිල රු. 316.18 ක් ලෙසින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 මැයි 12 දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට…
වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව Google (Alphabet Inc) සමාගම පවසයි. පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇත. ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම…
ශ්රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි. ගමනාන්ත 3 ක් පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරයි. FitsAir සිය…
Video Story