නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.9…
මෑත කාලීන ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Peter Breuer සහ Masahiro Nozaki යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරය අද (23) දින අවසන් කරන ලදී. මෙම සංචාරය පසුගිය මැයි 11 වැනි දින ආරම්භ…
ශ්‍රී ලංකාවේ වත්මන් හා අනාගත ඛනිජ කර්මාන්තය තුළ යෙදෙන සියලුම කොටස්කරුවන්ට වේදිකාවක් සැපයීමේ අරමුණින් “නව ඉම් තරණය” නමින් ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, ආයෝජන සංසදය හා ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ශ්‍රී ලාංකික ඛනිජ කර්මාන්තය සඳහා ගෝලීය සන්නාම වටිනාකමක් ගොඩනැගීම සහ මහා පරිමාණ ආයෝජන හා ආර්ථික අවස්ථා ඇති…
රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති රු. බිලියන 372 ක ණය, රජයේ හිමිකම් ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 මූල්‍ය ප්‍රකාශනයෙහි මේ බව සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර අඩුකිරීමේ පියවරක් ලෙසින්…
2023 වසරේ මැයි 21 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව එම කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 498,319 ක් ලෙසයි. 2023 මුල් මාස 04 පුරාවටම මාසිකව…
කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වමින් යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ළඟා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා අති උත්කර්ශවතව සමරනු ලැබීය. සමස්ත ජාතියට මෙන්ම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ආශිර්වාද පතමින් සර්ව ආගමික නායකයන් රැසකගේ සහභාගිත්වය මෙහිදී…
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සුවිශේෂී ජයග්‍රහණයක් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ඨතම ව්‍යාපෘතිය වන අධි සුඛෝපභෝගී ‘The Grand Ward Place’ හි ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම පසුගිය මැයි 15 වන දින උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම ගැනුම්කරුවන් සහ ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වැඩිම උසකින් යුත් එකම සුඛෝපභෝගී…
හරිත මූල්‍යයනයන් සඳහා යොමු වීම සම්බන්ධයෙන් වන රජයේ අපේක්ෂාව 2023 අයවැය මඟින් ප්‍රකාශ කරන ලදී. එවැනි බැඳුම්කර නිකුතු මඟින් ලැබෙන අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ගොඩනැඟිලි, පිරිසිදු ප්‍රවාහනය, තිරසර ජලය සහ අපජල කළමනාකරණය, පරිසර දූෂණය වැළැක්වීම, පාලනය සහ චක්‍රීය ආර්ථික කටයුතු, දේශගුණික වෙනස්වීම් සඳහා අනුගත වීම, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ ස්වභාවික සම්පත් හා…
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් ප්‍රදානය කිරීම 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත මඟින් කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් වශයෙන් ස්ථාපිත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව නවීකරණයට ලක් කිරීම, ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම…
නිසි පරිදි හඳුනා ගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ආරම්භ කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනී ගොස් තිබේ. එබැවින්, රජයේ නව ව්‍යාපෘති/වැඩසටහන් ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීම පිළිබඳව වන යෝජනාවක් 2023 වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කිරීමේදී මුදල් විෂයය…
Video Story