කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු, ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක (Disaster Recovery Site) සිට 2023 ජූනි මස 23 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණ බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.
මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව රු. බිලියන 3.2 ක් (රු. කෝටි 320 ක්) වැය වන බව පසුගිය දා රැස් වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් අනාවරණය කර ඇත. එහිදී වැඩිදුරටත් මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට…
ශ්රී ලංකාවේ විශාලතම වායුරෝධක ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලූත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. 295/80 R 22.5 TL ප‍්‍රමාණයේ ට‍්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප‍්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප‍්‍රවාහන රථ, ට‍්‍රක් රථ සහ අනෙකුත් විශාල භාණ්ඩ ප‍්‍රවාහන වාහන…
ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විදේශ විනිමය උපයන අමාත්‍යංශයක්…
ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වළක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල්…
අද (21) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි සුවිශේෂී පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී කැපීපෙනෙන කරුණ නම් 2022 අප්‍රේල් 08 දින පැවති වෙන්දේසියෙන් පසු දින 182 හා දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වාර්තා වී තිබෙන අඩුම ඵලදා අනුපාතිකයන් මෙවර වෙන්දේසියේ දී තීරණය වී තිබීමයි. ඒ අනුව දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය…
මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා තීරණය විය. වැවිලි කර්මාන්ත අමාත්‍ය (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී…
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ 2013=100 වූ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබන අතර, 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 22.1% ක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත….
මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ දී නිකුත් කරනු ලැබූ බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය මහතා පවසයි. 2022 වර්ෂයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…
නවසීලන්ත රජයේ ත්‍යාගශීලි අරමුදල් හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මොනරාගල හා නුවරඑළිය යන ප්‍රදේශ වල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශවල වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමේ අරමුණින් මේ වනවිට පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. පවුල් 2,250 ක ළමයින් අතර ඇති දරුණු මන්දපෝෂණය අවම කොට පෝෂ්‍යදායි නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය…
Video Story