Top News

අනාගතයට අවශ්‍ය තාක්ෂණික කුසලතා වලින් ශ්‍රී ලංකාවේ දරුවන් සවිබල ගැන්වීමට Microsoft සහ DP Education අත්වැල් බැඳගනී

Microsoft තාක්ෂණය භාවිතා කර සිසු සිසුවියන් මිලියනයක් පුහුණු කරමින් රටේ විරැකියාව අවම කිරීමට DP Education දරන වෑයමක් ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. DP Education යනු ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ අධ්‍යාපන අංශයයි….

(0)Comments | May 25, 2023 11:50 am

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹන්න සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. සිංගප්පූරුවේ සහ ජපානයේ  නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දිවයිනෙන් පිටත්විය. මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ( Fumio…

(0)Comments | May 24, 2023 2:25 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ රැකියා සමාගම් වෙනුවෙන් පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ රැකියා සමාගම් වෙනුවෙන් ප්‍රතිලාභ රාශියක් සහිත පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රමිකයන්ට විදේශ රැකියා අවස්ථා උදාකර දීමට අමතරව බොහෝ විට මෙම විදේශ රැකියා සමාගම් විසින් එම ශ්‍රමිකයන්ගේ ගුවන් ගමන් කටයුතුද සංවිධානය කරනු ලබයි. මෙම ක්ෂේත්‍රය රටට ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් වන බැවින්, මේ ආකාරයට පාරිභෝගික ළැදියා…

(0)Comments | May 24, 2023 1:10 pm

ඩොලරය තවත් අඩුවෙයි

අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නික්තු කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.98 ක් සහ විකුණුම් මිල රු. 311.23 ක් ලෙසින් සටහන් වී තිබේ.  

(0)Comments | May 24, 2023 12:08 pm

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන්ගේ එකඟත්වය – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර…

(0)Comments | May 24, 2023 11:15 am

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා පැල්වත්ත සමාගමෙන් තවත් පියවරක්

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය ව්‍යාපාරික ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නව ආයතනික කාර්යාලය පසුගියදා අංක 234/2, ගාලු පාර, කොළඹ 03 පරිශ්‍රයේදී විවෘත කරනු ලැබීය.මෙම අවස්ථාව සඳහා පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් හා නිලධාරින් මෙන්ම…

(0)Comments | May 24, 2023 11:00 am

අභියෝග මධ්‍යයේ HNB පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 6.9ක බදු පසු ලාභයක් වාර්තා කරයි

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.9…

(0)Comments | May 24, 2023 8:45 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

මෑත කාලීන ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ආධාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Peter Breuer සහ Masahiro Nozaki යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරය අද (23) දින අවසන් කරන ලදී. මෙම සංචාරය පසුගිය මැයි 11 වැනි දින ආරම්භ…

(0)Comments | May 23, 2023 3:56 pm

ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකාවේ වත්මන් හා අනාගත ඛනිජ කර්මාන්තය තුළ යෙදෙන සියලුම කොටස්කරුවන්ට වේදිකාවක් සැපයීමේ අරමුණින් “නව ඉම් තරණය” නමින් ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, ආයෝජන සංසදය හා ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ශ්‍රී ලාංකික ඛනිජ කර්මාන්තය සඳහා ගෝලීය සන්නාම වටිනාකමක් ගොඩනැගීම සහ මහා පරිමාණ ආයෝජන හා ආර්ථික අවස්ථා ඇති…

(0)Comments | May 23, 2023 3:46 pm

විදුලිබල මණ්ඩලයේ රු. බිලියන 372ක ණය නැති කරන්න ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ගයක්

රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී ඇති රු. බිලියන 372 ක ණය, රජයේ හිමිකම් ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 මූල්‍ය ප්‍රකාශනයෙහි මේ බව සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර අඩුකිරීමේ පියවරක් ලෙසින්…

(0)Comments | May 23, 2023 2:12 pm