Top News

ව්‍යාජ ප්‍රාථමික ගැනුම්කාර සමාගමකින් රු. මිලියන 500ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් සමුපකාර සමිතියට වැඩ වරදී. සොයා බලන්න කමිටුවක්

2015 වර්ෂයේ සිට අවස්ථා 5 කදී සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් මිලියන 507.59ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වශයෙන් හඳුන්වා දී ඇති එක්තරා ආයතනයක් හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනු ලැබ ඇත. එහෙත්, එකී ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් නොවන බව…

(0)Comments | July 23, 2020 2:20 pm

වැලිබල් පවර් ජලවිදුලිය විදුලිබල මණ්ඩලයට

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන වැලිබල් පවර් එරත්න පීඑල්සී සහ ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති මිලදී ගැනීමේ (Power Purchase Agreement) ගිවිසුමකට අත්සන් තබා තිබේ. මේ අනුව එරත්න ජලවිදුලි බලාගාරය විසින් නිපදවනු ලබන මෙගාවොට් 9.9 ක විදුලි ධාරිතාවක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අලෙවි කෙරෙනු ඇත. මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම 2020 ජූලි 07 දින සිදුකර තිබේ. තවද…

(0)Comments | July 23, 2020 2:18 pm

හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 සටනට එක්වෙමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් රැගෙන යන ගිලන් කුටියක් හඳුන්වාදෙයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය මුළු ලොවම වෙළාගත් කෝවිඞ් 19 වසංගතයට එරෙහි වූ සිය සටන තවත් තීව‍්‍ර කරමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් සුරැකිව සහ පහසුවෙන් රැගෙන යාහැකි කුටියක් (IPTC – infectious patient transportation chamber) පසුගිය මැයි…

(0)Comments | July 23, 2020 2:10 pm

ගල් අඟුරු ආනයනයට නිකුත් කළ රු. බිලියන 11ක ඇපකරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කිරීම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා  ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු ආනයනය කිරීමට අදාළව මහා භාණ්ඩාගාරය විසින් මහජන බැංකුව වෙත නිකුත් කර ඇති රුපියල් බිලියන 11ක් වටිනා භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල සීමාව 2020 අගෝස්තු 31 දින අවසන්වීමට නියමිතව ඇත. එකී භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල…

(0)Comments | July 23, 2020 1:26 pm

ලුම්බිණි රඟහල නවීකරණයට පියවර

වර්ෂ 1952 දී ඉදි කරන ලද ලුමිබිණි රඟහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන අතර එහි ශබ්ද පරිපාලන පද්ධතිය, ආසන ප්‍රමාණය, සනීපාරක්ෂක පහසුකම් කාලයට ඔබින සේ යාවත්කාලීන වී නොමැත. එබැවින්, එය නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලසුම් කර ඇති ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා නිර්මාණය කර ඉදිකිරීමේ පදනම යටතේ ජාතික තරඟකාරී ප්‍රසම්පාදන…

(0)Comments | July 23, 2020 12:55 pm

වාර්තාගත අඩු පොළියකට මහ බැංකුව රු. බිලියන 35ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (22) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. බිලියන 35.1 ක වටිනාකමකින් යුතු බිල්පත් නිකුත් කළ බව නිවේදනය කර සිටී. දින 91, 182 හා 364 යන පරිණත කාල කාණ්ඩයන් 3ක් යටතේ පිළිවෙලින් රු. මිලියන 6,401 ක්, රු. මිලියන 11,385 ක් හා රු. මිලියන 17,314 ක් වශයෙන්…

(0)Comments | July 22, 2020 3:51 pm

චීන ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවට

ටයර් නිෂ්පාදනයෙහි නිරත චීන සමාගමකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනය කර ඇති බවත්, එම සමාගමේ රබර් අවශ්‍යතාවයෙන් සියයට 35 ක ප්‍රමාණයක් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව තුළින් සපුරා ගත යුතු බවට නියම කර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (21) මහනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා…

(0)Comments | July 22, 2020 12:56 pm

එළවළු, සීනි, මාළු, බිත්තර, සහල් මිල ඉහළට. ජූනි මාසයේ දී උද්ධමනය උඩ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 මැයි මාසයේ දී සියයට 11.1හි පැවැති…

(0)Comments | July 22, 2020 11:26 am

ETI – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් තැන්පත්කරුවන්ට වන්දි මුදල් ගෙවීම ජූලි 25 සිට. උපරිමය රු. ලක්ෂ 6යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු 2020.07.13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර…

(0)Comments | July 22, 2020 11:08 am

කොටස් වෙළෙඳපොළේ සමාගම්වල ආයෝජනයෙන් සේවක අර්ථසාධක අරමුදලට රු. බිලියන 39 කට අධික අලාභයක්

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන, සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර තිබෙන හිමිකම් (Equity) ආයෝජනවලින් 2020 පළමු කාර්තුව අවසාන වන විට වාර්තා කර තිබෙන අලාභය රුපියල් බිලියන 39 ඉක්මවා ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. සේවක අර්ථසාධක අරමුදල විසින් රු. බිලියන 84.05 ක් ලැයිස්තුගත සමාගම් කොටස් 83…

(0)Comments | July 21, 2020 3:55 pm