Top News

පහත වැටී ඇති ගම්මිරිස් මිල නංවන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල් 450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි. මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ. ප්‍රශ්නයට…

(0)Comments | July 21, 2020 12:51 pm

සෙංකඩගල ෆිනෑන්ස් හි ස්ථාවරත්වය වර්ධනය කරමින් FMO වෙතින් ඇ.ඩො. මිලියන 25 ක ණය ආයෝජනයක්

සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය, නෙදර්ලන්තයේ Nederlandse Financierings – Maatschappij voor Ontwikkelingslanden (FMO) බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක පස් අවුරුදු හරිත ණය ආයෝජන පහසුකමක් ලබා ගත් බව පසුගියදා නිවේදනය කළේය. නෙදර්ලන්ත රජය සහ නෙදර්ලන්ත වාණිජ බැංකුවල සම හිමිකාරිත්වය දරමින් සංවර්ධන බැංකුවක් ලෙස ක‍්‍රියාත්මක වන FMO, ගෝලීය වශයෙන් ව්‍යවසායකයින් බලගැන්වීමේ කාර්යයේ ගාමක බලවේගයක් ලෙස කීර්තිමත්…

(0)Comments | July 21, 2020 12:40 pm

2020 මුල් කාර්තුවේ දී රැකියා විරහිත පිරිස හාරලක්ෂ අසූදහස ඉක්මවයි

2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ. 2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ…

(0)Comments | July 21, 2020 11:30 am

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2020 අප්‍රේල් මාසය අවසානයෙ දී මෙරට සක්‍රීය ක්‍රඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,822,046…

(0)Comments | July 20, 2020 5:53 pm

වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ: කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද?

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ…

(0)Comments | July 20, 2020 11:39 am

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට දේශීය ඉංජිනේරුවරුන්ට ජනපතිගෙන් ඇරයුම්

➢ ජනතා අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය … ➢ රජයේ වැඩපොළ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බල ගැන්වීමට පියවර … ➢ තැබූ විශ්වාසය තහවුරු කරන බවට ඉංජිනේරුවරුන්ගෙන් සහතිකයක් … නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. “බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට…

(0)Comments | July 17, 2020 3:59 pm

සංචාරක කර්මාන්තයේ වාහන සඳහා දුන් කල්බදු සහනය තවත් මාස 06කින් දීර්ඝ කෙරේ. දඩ පොලී අත්හරින්නැයි මහ බැංකුවෙන් නියෝගයක්

COVID-19 වසංගතයෙන් සංචාරක අංශයේ ව්‍යාපාර සහ පුද්ගලයින් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් හි (මෙතැන් සිට මූල්‍ය ආයතන ලෙස හඳුන්වනු ලැබේ) සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ට පහත සහන පියවර ක්‍රියාත්මක කරන ලෙස චක්‍රලේඛයක් ඊයේ දින (16) නිකුත්…

(0)Comments | July 17, 2020 3:35 pm

වාලච්චේන කම්හලේ “ටොන් 30ක ප්‍රථම කඩදාසි තොගය” ජුලි 30 වැනිදා ඔබ අතට පත් කිරීමට අපි සූදානම් – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති

2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු…

(0)Comments | July 17, 2020 12:37 pm

අක්කර 13ක ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම පිටිපන දී

අධිතාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි ආනයනයන් සඳහා ආදේශක නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජෛව තාක්ෂණ සමාගම් සහ ජෛව තාක්ෂණ පර්යේෂකයින්හට සිය අදහස් වාණිජමය නිෂ්පාදන දක්වා පරිවර්තනය කරනු පිණිස එක්ව කටයුතු කිරීමට අවශ්‍ය හිතකර…

(0)Comments | July 17, 2020 11:15 am

උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම් වැඩිවෙලා?

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලය අවසන් වීමත් සමඟම, රත්‍රං උකස් තැබීම් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කළද, එම කාලපරිච්ඡේදයේ දී එසේ උකස් තැබීම් වැඩිවීමක් මෙන්ම, උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම්වල ද ඉහළ යාමක් දක්නට ලැබුණු බව LB ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා පවසයි. අදාල කාලපරිච්ඡේදය තුළ දී ජනජීවිතය අඩාල…

(0)Comments | July 16, 2020 3:45 pm