Top News

සංචාරක පැමිණීම පන්ලක්ෂයේ සීමාවට

2023 වසරේ මැයි 21 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව එම කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 498,319 ක් ලෙසයි. 2023 මුල් මාස 04 පුරාවටම මාසිකව…

(0)Comments | May 23, 2023 1:38 pm

වරාය නගරයට ඉදිරියේ දී ඩොලර් බිලියන 14ක ආයෝජන

කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වමින් යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ළඟා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා අති උත්කර්ශවතව සමරනු ලැබීය. සමස්ත ජාතියට මෙන්ම  ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ආශිර්වාද පතමින් සර්ව ආගමික නායකයන් රැසකගේ සහභාගිත්වය මෙහිදී…

(0)Comments | May 23, 2023 11:48 am

ප්‍රයිම් සමුහයේ අද්විතීය නිමැවුම The Grand Ward Place උත්සවාකාරයෙන් විවෘත කෙරේ

ශ්‍රී ලාංකීය  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට   සුවිශේෂී ජයග්‍රහණයක් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ඨතම ව්‍යාපෘතිය වන අධි සුඛෝපභෝගී ‘The Grand Ward Place’ හි ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම පසුගිය මැයි 15 වන දින උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම ගැනුම්කරුවන් සහ ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වැඩිම උසකින් යුත් එකම සුඛෝපභෝගී…

(0)Comments | May 23, 2023 11:38 am

හරිත බැඳුම්කර රාමුව වලංගු ලේඛනයක් බවට පත් කිරීමට SPO ලබාගැනීමට පියවර

හරිත මූල්‍යයනයන් සඳහා යොමු වීම සම්බන්ධයෙන් වන රජයේ අපේක්ෂාව 2023 අයවැය මඟින් ප්‍රකාශ කරන ලදී. එවැනි බැඳුම්කර නිකුතු මඟින් ලැබෙන අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ගොඩනැඟිලි, පිරිසිදු ප්‍රවාහනය, තිරසර ජලය සහ අපජල කළමනාකරණය, පරිසර දූෂණය වැළැක්වීම, පාලනය සහ චක්‍රීය ආර්ථික කටයුතු, දේශගුණික වෙනස්වීම් සඳහා අනුගත වීම, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ ස්වභාවික සම්පත් හා…

(0)Comments | May 23, 2023 11:07 am

වරාය නගරයේ ව්‍යාපාර සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් ප්‍රදානය කිරීම 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත මඟින් කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් වශයෙන් ස්ථාපිත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව නවීකරණයට ලක් කිරීම, ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම…

(0)Comments | May 23, 2023 11:01 am

නව සංවර්ධන ව්‍යාපෘති ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නිසි පරිදි හඳුනා ගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ආරම්භ කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙනී ගොස් තිබේ. එබැවින්, රජයේ නව ව්‍යාපෘති/වැඩසටහන් ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීම පිළිබඳව වන යෝජනාවක් 2023 වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කිරීමේදී මුදල් විෂයය…

(0)Comments | May 23, 2023 10:58 am

සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට

මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (22) උදෑසන සිදුවිය. එහිදී දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට Sinopec කටයුතු කරනු ඇත. වසර 20ක…

(0)Comments | May 22, 2023 4:47 pm

ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා…

(0)Comments | May 22, 2023 4:02 pm

ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන්…

(0)Comments | May 22, 2023 3:15 pm

මහ බැංකුව ඩොලර් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව සඳහන් කරයි. අප්‍රේල් මාසය තුළ දී මහ බැංකුව ඩොලර් විකිණීමක් සිදුකර නොමැත. මේ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් ඩොලර් මිලියන 1,236.60 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු…

(0)Comments | May 22, 2023 2:20 pm