Top News

සමාගම් 4ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට සැරසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් වන, SHALIMAR (MALAY) PLC, SELINSING PLC, GOOD HOPE PLC සහ INDO MALAY PLC යන සමාගම්, කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන කාර්සන්ස් සමූහයට අයත් සමාගම් වේ. අද (17) දින මෙම සමාගම් හතරෙහි පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මෙම තීරණ ගෙන තිබේ….

(0)Comments | May 17, 2023 1:52 pm

අභියෝග මධ්‍යයේ කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පළමු කාර්තුව තුළදී රු. ට්‍රිලියන 2 ඉක්මවයි

කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස 03…

(0)Comments | May 17, 2023 12:20 pm

ඩොලරය වාර්තාගත ලෙස පහළට

අද (17) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.42 ක් සහ විකුණුම් මිල රු. 316.18 ක් ලෙසින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 මැයි 12 දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට…

(0)Comments | May 17, 2023 11:59 am

අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව Google (Alphabet Inc) සමාගම පවසයි. පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇත. ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම…

(0)Comments | May 17, 2023 11:25 am

FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි. ගමනාන්ත 3 ක්  පමණක්  ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරයි. FitsAir සිය…

(0)Comments | May 17, 2023 10:37 am

ලෝක බැංකු ලොක්කෙක් ඇමති කංචන හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව) පරමේස්වරන් අයියර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ. එහිදී විදුලිබල හා බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව සාකච්ඡා වී ඇත. මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ,…

(0)Comments | May 16, 2023 5:00 pm

බැංකු රක්ෂණ සේවාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෙලාන් බැංකුව සමඟ එකඟතාවයකට එළඹෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව සමඟ එකඟතාවයකට එළඹුණි. මෙම හවුල්කරිත්වයේ මූලික අරමුණ වන්නේ තෝරාගත් සෙලාන් බැංකු ශාඛා තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් සෙලාන් බැංකු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්වලට සරිලන පරිදි හඳුන්වා දීමයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2023 මැයි මස 12 වැනි දින සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ…

(0)Comments | May 16, 2023 3:55 pm

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ වී ගොවීන්ට ජපානයෙන් ඩොලර් මිලියන 4.6ක්

ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල වී වගාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය FAO හරහා ඩොලර් මිලියන 4.6ක් ලබා දීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 4,629,629ක් පිරිනමන ලදී. කුඩා පරිමාණ…

(0)Comments | May 16, 2023 2:17 pm

මහජන බැංකුවෙන් නිවේදනයක්

මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් මෙසේ මෙසේ සඳහන් වේ. මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ණය කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍යන්හි පැතිර ගිය කතාබහ සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය අවධාරණය කර සිටී. මේ අනුව එසේ සාකච්ඡාවට බඳුන් වූ කිසිදු ණය පහසුකමක් ණය කපා හැරීමක් සිදුකර නැත.    

(0)Comments | May 16, 2023 1:57 pm

සෞදි කාන්තාරයේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවෙන් කොහුබත්

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහුබත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09)…

(0)Comments | May 16, 2023 1:10 pm