Top News

කොරෝනා බලපෑම කොටස් වෙළෙඳපොළටත් – සියලු කොටස් ඒකක 112කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 4,879.76 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව ඒකක 112.86 ක් හෙවත් 2.26% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ. මේ අතර S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 68.09 කින් පහළ ගොස් ඒකක 2,072.10 ක් ලෙසින් වාර්තා විය….

(0)Comments | July 13, 2020 4:46 pm

‘ද ෆිනෑන්ස්‘ තැන්පත්කරුවන්ට රු. කෝටි 517 ක වන්දි ගෙවලා

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය…

(0)Comments | July 13, 2020 4:24 pm

තැන්පතුකරුවන්ට ගෙවීම – ETI 75%කට සහ ස්වර්ණමහල් 89%කට සම්පූර්ණ මුදල් ගෙවිය හැකි බව මහ බැංකුව කියයි

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන වල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප්‍රකාරව, රක්ෂිත තැන්පතුකරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ…

(0)Comments | July 13, 2020 3:53 pm

අර්බුදයට පත් මූල්‍ය සමාගම්වල රැකියා අහිමි වූ සේවකයින් ගැන මහ බැංකුවේ ස්ථාවරය මෙන්න

“මූලික වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වන්නේ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම මිස එම සමාගම්වල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම නොවේ“, යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අර්බුදයට පත් මූල්‍ය ආයතනවල සේවය කර රැකියා අහිමි වූ සේවකයින් සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි යනුවෙන්…

(0)Comments | July 13, 2020 2:37 pm

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපන් රජයේ ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන…

(0)Comments | July 13, 2020 2:18 pm

ETI – ස්වර්ණමහල් බංකොලොත්. ව්‍යාපාර කටයුතු අත්හිටුවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කර තිබේ. 2011 වසරේ සිට පැවති…

(0)Comments | July 13, 2020 12:32 pm

විශේෂ තැන්පතු ගිණුමට ඩොලර් මිලියන 87 ක් ලැබෙයි. දිරිගැන්වීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් – 19 (Covid – 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක්…

(0)Comments | July 13, 2020 12:30 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (13) පෙරවරු 11.00 ට ආරම්භ වුවත් පෙරවරු 11.02 ට ගනුදෙනු අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 5%ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යෑම මීට හේතුවයි. පෙරවරු 11.32 ට ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ යළි විවෘත වීමට නියමිතය. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.28 (2.63%)…

(0)Comments | July 13, 2020 11:14 am

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 60ක් කාරක ප්‍රාග්ධන ණය ලෙස අනුමත කරයි

2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි…

(0)Comments | July 10, 2020 5:43 pm

77 න් පසු මුල්වරට ආනයන වියදමට වඩා වැඩි අපනයන ආදායමක් ජූනි මාසයේ දී

ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඊයේ (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රමේෂ්…

(0)Comments | July 10, 2020 12:57 pm