ශ්රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැති ලත් සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ කිරීමේ මුවාවෙන් ආනයනය කළ සිගරට් තොගයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි. යන්ත්‍රයක් සේ පෙනෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කර තිබූ අදාළ ඇසුරුම තුළ සිගරට් කූරු මිලියන 556,000ක් තිබූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහි වටිනාකම රුපියල් මිලියන 85ක් පමණ වන අතර…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.66 ක් සහ විකුණුම් මිල රු. 322.70 ක් ලෙසින් සටහන් වී ඇත. මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වේ. එසේම 2023…
2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 කි. මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් වේ. සංඛ්‍යාත්මකව එම…
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව…
Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් ගෙන තිබූ තීරණය 2023 ජූනි 30 දක්වා දීර්ඝ කර තිබේ. මීට පෙර 2023 අප්‍රේල් 11 දින සිට 2023 මැයි 02 දින දක්වා Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට පියවර ගැනුණි. සමාගම සංස්ථාපනයේ දී දක්වා ඇති ආකාරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල…
2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ ද ඇඟලූම් කර්මාන්තයයි….
දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සහ මහජනතාවගේ තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,…
මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන Moose Clothing සමාගම, සිංගප්පූරුවේ සිල්ලර අලෙවිකරණයේ දැවැන්තයෙකු වන සුප්‍රසිද්ධ මුස්තාෆා සෙන්ටර් සමඟින් හවුල්කාරීත්වයකට එළඹ තිබේ. සිංගප්පූරුවේ ලිට්ල් ඉන්දියා හි පිහිටි මුස්තාෆා සෙන්ටර්, සංචාරකයින්ගේ ප්‍රියතම සාප්පු සවාරි මධ්‍යස්ථානයකි. උසස් තත්ත්වයේ, හැඩකාර සහ නවීන ඇඳුම් දැරිය හැකි මිලකට පිරිනැමීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Moose Clothing සමාගම, Mustafa Center සමඟින් එළඹි මෙම හවුල්කාරීත්වයත්…
ශ්රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත පළමු සමාලෝචන මෙහෙයුම් වාරයට පෙර පැවැත්වෙන උපදේශන සැසිවාරයන් හි එකක් ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ දූත පිරිසක් මැයි 11 – 23 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්…
ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔබෙයිදානි ඇපරල් සමාගමේ කලමනාකාරීත්වය සමඟ ආයෝජන මණ්ඩලය සමීපව කටයතු කරයි පසුගියදා කටාන හල්පේ ප්‍රදේශයේ පිහිටි අල් ඔබයිදානී ඇගළුම් කම්හලේ සිදු වු සිදුවිම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය තරයේ හෙලා දකිනු ඇත. මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ සිටම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩලය අදාල…
Video Story