Top News

2026 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) හෙට (07) සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත්…

(0)Comments | November 6, 2025 9:47 am

දුම්රියේ තනතුරු රැසකට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීම වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි. එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක,…

(0)Comments | November 4, 2025 5:03 pm

IFC සමග ගිවිසුමක්

ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය මුල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය සමඟ ගිවිසුමකට එළඹීම සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය මුල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය (IFC) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා 2025‑05‑07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…

(0)Comments | November 4, 2025 4:33 pm

රාජ්‍ය ආයතන 200+ කට ඩිජිටල් ගෙවීම් සඳහා GovPay රුපියල් බිලියන 1 ක දායකත්වයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ගනුදෙනු සඳහා රුපියල් බිලියන 1 ඉක්මවමින් රට පුරා රාජ්‍ය ආයතන 200 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට සමත් වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද නිවේදනය කළේ ය. 2025 පෙබරවාරි මාසයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නායකත්වය යටතේ දියත් කරන ලද GovPay, තොරතුරු හා…

(0)Comments | November 4, 2025 4:31 pm

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට පියවර

ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සඳහා 2024‑06‑11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව 2025‑05‑15 දින ස්ථාපිත කරනු ලැබ ඇත. පසුව සිදු කරනු…

(0)Comments | November 4, 2025 4:23 pm

මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි

දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ ති‌බේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක…

(0)Comments | November 4, 2025 2:01 pm

STSDP ක්‍රියාත්මක කිරීමට ADB සමඟ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත අරමුදල් උපයෝගි කර ගනිමින් තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසි යටතේ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහනදායී…

(0)Comments | November 4, 2025 1:44 pm

රුපියල පල්ලම් බසී. ඩොලරයේ මිල වැඩිවෙයි

අද (04) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.71 ක් හා විකුණුම් මිල රු. 308.20 ක් ලෙසින් වාර්තා වී තිබේ. අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.53 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 සැප්තැම්බර්…

(0)Comments | November 4, 2025 1:33 pm

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවාවන් ඇරඹේ

පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ව්‍යවස්ථාපිත බලය හිමි එකම රාජ්‍ය ආයතනය වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්, මහජනතාවට වේගවත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් පසුගිය කාලය තුළ විවිධ සංවිධානික හා තාක්ෂණික නවීකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලක් වූ යෝජනාවකට අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට බලය පවරා, දෙපාර්තමේන්තුවේ සේවා විමධ්‍යගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇත….

(0)Comments | November 4, 2025 1:02 pm

ASPI ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 23,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) පෙරවරුවේ දී ඒකක 23,000 සීමාව ඉක්මවීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 23,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.38ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන…

(0)Comments | November 4, 2025 9:40 am