Top News

සංචාරක පැමිණීම ලක්ෂ 19ට ආසන්න වෙයි

2025 ඔක්තෝම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 10ක කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාවට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එම කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,890,687ක් ලෙසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ 165,193ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත….

(0)Comments | November 4, 2025 8:33 am

සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 286ක වාහන ගෙන්නලා

පෞද්ගලික රථවාහන සහ වානිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ ආනයන වියදම, 2025 වසරේ සැප්තැම්බර් මාසය තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 286ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 සැප්තැම්බර් විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනේ, ඒ අනුව 2025 වසරේ පළමු මාස…

(0)Comments | November 3, 2025 2:50 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 37ක් විදේශයන්ට ණයයි

2025 මුල් මාස 06දී ඩොලර් මිලියන 863ක ණය වාරික ගෙවද්දී ඩොලර් මිලියන 495ක ණය පොලී ගෙවලා 2025 ජූනි මාසය අවසන් වන විට රජය ලබාගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 37.1ක් බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ. මෙම වාර්තාවට අනුව…

(0)Comments | November 3, 2025 1:30 pm

2025 මුල් මාස 10 දී කොටස් වෙළෙඳපොළේ 43%ක වර්ධනයක්

2025 ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය 43.03%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් තිබූ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය ඔකතෝබර් 31 දා ගනුදෙනු නිමාවේ දී ඒකක 22,804.84 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය වසරේ…

(0)Comments | November 3, 2025 6:54 am

හනීෆ් යූසුෆ්ට නව තනතුරක්

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර ඇත. ගෝලීය ආයෝජන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් මහතා සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක්වූ…

(0)Comments | October 31, 2025 5:04 pm

ඉදිකිරීම් කළමනාකරුවන්ගේ දර්ශකය වැඩි වේගයකින් ඉහළට 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්,  2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 67.6ක අගයක් දක්වා ඉහළ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ…

(0)Comments | October 31, 2025 4:53 pm

කොළඹ උද්ධමනය ඉහළට. ඉලක්කය කරා තවදුරටත් ලඟා වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ.  මාස 11කට පසු 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස…

(0)Comments | October 31, 2025 3:30 pm

GovPay රුපියල් මිලියන 750 කට අධික ඩිජිටල් ගෙවීම් ප්‍රමාණයක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබේ….

(0)Comments | October 31, 2025 12:01 pm

i ROAD 2 – 5 වන කොටස සඳහා ADB මූල්‍ය ආධාර

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) – 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත. තෝරාගත් ග්‍රාමීය ප්‍රජාවන් සහ ප්‍රධාන සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මගින් මාර්ග ප්‍රවාහන කාර්යක්ෂමතාවය වැඩි…

(0)Comments | October 31, 2025 11:34 am

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බැලීමට චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට

චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඊයේ (30) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ ඇත. ඒ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා යි. ඔවුන් චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන “සේද මාවත” වැඩසටහන යටතේ මෙලෙස…

(0)Comments | October 31, 2025 10:59 am