Top News

දකුණු අධිවේගයේ රු. බිලියන 1.49ක අලුත්වැඩියා කොන්ත්‍රාත්තුවක් Access – WKK බද්ධ ව්‍යාපාරයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් (2) යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව…

(0)Comments | September 23, 2025 2:15 pm

සියලුම රාජ්‍ය සේවාවන් ඒකාබද්ධ කරමින් Government SuperApp

එකිනෙකට වෙනස් පද්ධති, බහු‑සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර ඇත. එබැවින්,…

(0)Comments | September 23, 2025 1:31 pm

රන් මිල වාර්තාගත ලෙස ඉහළට

අද (23) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ප්‍රථම වරට ලක්ෂ තුනේ සීමාව පසු කර ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව කැරට් 24 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 302,000ක් ලෙසයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 279,300 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක…

(0)Comments | September 23, 2025 1:14 pm

විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නැහැ – ජනපති

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටිනවා මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති…

(0)Comments | September 23, 2025 8:26 am

ජාතික උද්ධමනය 1.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසිනි. ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | September 22, 2025 3:43 pm

ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක්. වාහන මිලත් කැපීපෙනෙන ලෙස පහළට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (21) දින ජාතිය අමතමින් භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST) අනුපාතිකයන් හි දැවැන්ත කප්පාදුවක් නිවේදනය කර ඇත. මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ“ සමඟින් දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ වඩාත් අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇති බවයි. එසේම ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මත…

(0)Comments | September 22, 2025 1:26 pm

CBL සමූහය සෞදි අරාබියේ වෙළඳපොළ ජයගැනීමට Aamalcom Holdings සමග එක්වෙයි

CBL සමූහ ව්‍යාපාරය සෞදි අරාබිය තුළ සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Aamalcom Holdings සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. Aamalcom Holdings යනු සෞදි අරාබිය තුළ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන, විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය ලොව රටවල් 65 කට වැඩි ගණනක තම නිෂ්පාදන අලෙවි කරයි….

(0)Comments | September 22, 2025 10:40 am

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ. ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක…

(0)Comments | September 19, 2025 6:16 pm

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, මෙතෙක් ඉතිහාසයේ සනිටුහන් වූ ඉහළම අගය අද (19) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,085.09ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය සැප්තැම්බර් 01 දින වාර්තා වී තිබූ ඒකක 21,062.45 වාර්තාව යළි අලුත් වීමකි. අද…

(0)Comments | September 19, 2025 5:00 pm

සංචාරක පැමිණීම ලක්ෂ 16 1/2 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,656,916ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව සැප්තැම්බර් මාසයේ පලමු දින 17 තුළ පමණක් 90,393 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. සැප්තැම්බර් මාසයේ පළමු දින 17 තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට…

(0)Comments | September 19, 2025 3:14 pm