Top News

මහ බැංකුව රු. බිලියන 60ක බැඳුම්කර නිකුත් කරයි

ඊයේ (29) දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු . බිලියන 60 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. වසර 2යි මාස 5 සහ වසර 7යි මාස 1 යන පරිණත කාලයන්ගෙන් යුතුව කාණ්ඩ දෙකක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය කැඳවා ඇති අතර එහිදී…

(0)Comments | June 30, 2020 11:03 am

2020 දී සියයට 1ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි නම් එය විශාල ජයග්‍රහණයක් – අජිත් නිවාඩ් කබ්රාල්

අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හැරීමේ මගේ යෝජනාවට ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් යහපත් ප්‍රතිචාර ආවා. මහ බැංකු නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් සිදුවෙන්න ඕනෑ. මම ඉන්න කාලේ රෑ ලයිට් දාලාද කියලා බලන්න ඕන වුණේ නැහැ. ලෝකයේ තිබෙන ප්‍රාග්ධන අරමුදල් වෙත දැන් අප යා යුතුයි. මෙම වසර තුළ දී සියයට 1ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත හැකි නම් එය…

(0)Comments | June 29, 2020 4:46 pm

ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ Startup වර්ධනය හා ඉඩප්‍රස්ථා අන්තර්ජාතික ඇගයුමට ලක්වේ

ශ්‍රී ලංකාවේ  තාක්ෂණ  අංශයේ  නව ව්‍යවසයයකත්ව (Startup) වර්ධනය හා ඉඩප්‍රස්ථා The 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහල ඇගයූමට ලක්ව තිබේ. ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආශ්‍රිත  නගර 250ක්  මුල්කරගනිමින්  මෙම විමර්ශනය සිසුකර ඇත. ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන්ගේ වර්ධනයට මුලික හේතුව නව ව්‍යවසායන් සඳහා වූ රජයේ සහයෝගය  හා කුසලතා පුර්ණ මානව…

(0)Comments | June 29, 2020 2:06 pm

කොමර්ෂල් බැංකුව තවදුරටත් ණය පොලී අනුපාත අඩුකරයි

2020 වසර තුළ මේ දක්වා කෘෂි කාර්මික ණය 5% කින් පහළට සුළු හා මධ්‍යම පරිමාණ ණයවල පොලී අනුපාතය මේ වසර තුළ 4% කින් අඩු කරයි 2020 ජනවාරි මාසයේ සිට රන් ණයවල පොලී අනුපාතය 5% කින් පහළට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් ව්‍යාපාර නැවත නගා සිටුවීමට අවශ්‍ය අරමුදල් දැරිය හැකි මිලකට සම්පාදනය කිරීම වෙනුවෙන් සියළුම…

(0)Comments | June 29, 2020 1:50 pm

පකිස්තාන කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

පකිස්තානයේ කරච්චි නුවර පිහිටි පකිස්තාන ව්‍යාපාරවස්තු හුවමාරු ගොඩනැගිල්ලට අද (29) පෙරවරුවේ ගිනිඅවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පාකිස්තාන මාධ්‍ය පවසන්නේ ප්‍රහාරකයින් අත්බෝම්බ සහ ගිනිඅවිවලින් ගොඩනැගිල්ලට පහර දුන් බවයි. මෙම ගොඩනැගිල්ල අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති අතර බොහෝ පෞද්ගලික බැංකුවල ප්‍රධාන කාර්යාලද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත. කරච්චි පොලිස් ප්‍රධානී ගුලාම් නබි මේමන් රොයිටර් පුවත් සේවයට මේ පිළිබඳව…

(0)Comments | June 29, 2020 12:10 pm

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ ‘සෞභාග්‍යා…

(0)Comments | June 29, 2020 8:37 am

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීමේ දෙවැනි අදියර ජූලි 02 ඇරඹයි

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත. එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල්…

(0)Comments | June 28, 2020 12:06 pm

දුමිත් ප්‍රනාන්දු කොටස් වෙළෙඳපොළ සභාපති ධූරයට

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්කර තිබේ. මීට පෙර සභාපතිධූරය දැරූ රේ අබේවර්ධන මහතාගේ වසර 3ක ධුර කාලය අවසන් වීමෙන් පසු 2020 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දුමිත් ප්‍රනාන්දු මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත. දශක දෙකක පමණ කාලයක ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර…

(0)Comments | June 28, 2020 11:43 am

වයිබර්, ෆේස්බුක් සමඟ පැවැති ව්‍යාපාර සබඳතා සියල්ල අත්හරියි

දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කර දමයි කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා අත්හරින බව නිවේදනය කර…

(0)Comments | June 26, 2020 2:54 pm

රු. බිලියන 80 ක බිල් පියවන්න රාජ්‍ය බැංකුවල සහාය

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ I කොටසේ වැඩ ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර එම ව්‍යාපෘතියේ II කොටසේ වැඩ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එසේම කිලෝමීටර 100,000ක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට…

(0)Comments | June 26, 2020 11:42 am