Top News

ඉන්දීය එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් – රජයේ ගොඩනැගිලිවලට සූර්ය බලයෙන් විදුලිය. අඩු ආදායම්ලාභීන්ටත් සූර්ය ජනන පද්ධති

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති රාමුව අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රනර්ජනනීය බලශක්තිය එක් කරගැනීම සඳහා වන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට අදාළව සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් ඉන්දීය එක්සිම් බැංකුව මාර්ගයෙන් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවල වහල මත සූර්ය…

(0)Comments | June 12, 2020 1:29 pm

වාරික හිඟ හිටි වාහන බලෙන් අත්පත් කර ගන්න ලීසිං සමාගම්වලට පුළුවන් ද?

ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයෙන් පසු මේ වන විට සමාජය තුළ, කල් බදු ලීසිං සමාගම් වෙත වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වයන් පිළිබඳ කතිකාවක් ඇති වී තිබේ. කල් බදු පහසුකම යටතේ ලබාගෙන ඇති වාහනයක, වාරික හිඟ හිටි අවස්ථාවක අදාළ  සමාගම විසින් සිය වාහන අත්පත් කරගන්නන් යොදවා,…

(0)Comments | June 12, 2020 1:00 pm

සංචාරක කර්මාන්තයේ වාහන සඳහා මාස 12ක කල් බදු සහනයක්. ප්‍රමාද ගාස්තුත් නැහැ. රියැදුරන්ටත් දීමනාවක් – කැබිනට් අනුමැතිය හිමිවෙයි

සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාහන කල් බදු ගෙවීම සඳහා ලබා දී ඇති මාස 06 ක සහන කාලසීමාව ප්‍රමාද ගාස්තු අයකිරීමකින් තොරව මාස 12 ක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදු වූ බලපෑම අවම කරමින් සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහත දැක්වෙන පරිදි සංචාරක කර්මාන්තයේ නියුතු…

(0)Comments | June 12, 2020 11:55 am

තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය සකස්කිරීමට මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් පියවර

මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට…

(0)Comments | June 12, 2020 11:22 am

ETI පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනපති අවධාරණය කරයි

ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. මෙහිදී මෙම කමිටුව ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නොමැති බවයි. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබෙන අතර ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව…

(0)Comments | June 11, 2020 11:54 pm

පූර්ණ සහාය දෙන්නම් ප්‍රතිඵල පෙන්වන්න – අපනයනකරුවන් හමුවේ ජනපති කියයි

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව එතුමා පවසයි. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ…

(0)Comments | June 11, 2020 9:52 pm

ඩයලොග් ආසිආටා, Huawei, Simsyn සහ අධ්‍යාපන අමාත්‍යාංශය දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා දිවයින පුරා පාසල් 1000 ක් බලගන්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Huawei සහ Simsyn සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගත් දිවයින පුරා පාසල් සඳහා ටෙලි සම්මන්ත‍්‍රණ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙත සිය අඛණ්ඩ සහයෝගයෙහි තවත් පියවරක් තබන ලදී. මෙය 2020 මාර්තු මාසයේදී දියත් කරන ලද නැණස 1377 දුරස්ථ ඉගෙනුම් වැඩසටහනේ දිගුවකි. කොවිඩ්-19 සමයේ පාසල් විසින් අනුගමනය…

(0)Comments | June 11, 2020 9:20 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමුවැනි කාර්තුවේ මෙහෙයුම් ලාභය 28% ක ඉහළ ප‍්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වාර්තා කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප‍්‍රගතිය ප‍්‍රකාශයට පත්කොට ඇත. මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1 ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3 ක ආදායම හා සැසඳීමේදී 3.8% ක ඉහළ වර්ධනයකි. මෙහෙයුම් වියදම් මෙන්ම ප‍්‍රාග්ධන…

(0)Comments | June 11, 2020 8:41 pm

නම්‍ය වැඩ පැය ක්‍රමය හරහා ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකියි – මහ බැංකු අධිපති

පසුගිය කාලයේ දී නිවෙස්ගතව සේවයේ කිරීමේ ක්‍රමය හරහා, ආර්ථික කටයුතු වසා දැමුණු කාලවල වැඩිදියුණු වූ නම්‍ය වැඩ පැය ක්‍රමය තුළින් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වූ බවත්, බොහෝ කාලයක් පුරාවට අවධානය යොමු වුණු ශ්‍රම බලකායේ කාන්තා අංශයෙහි සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමේ ගැටළුවට ඒ හරහා විසඳුම් ලබා දිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය…

(0)Comments | June 10, 2020 1:54 pm

යුනිසෙෆ් සහායෙන් ප‍්‍රධාන රෝහල්වලට කොවිඩ්-19 නිරෝධායන හා ප‍්‍රතිකාර ඒකක

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) කොරෝනා වයිරස් වසංගතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විට දරමින් සිටින පරිශ‍්‍රමයන්හි කොටසක් ලෙස දිවයිනේ විශේෂඥ රෝහල් තුනක කොවිඞ්-19 නිරෝධායන ඒකක අලූත්වැඩියා කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට (MOH) සහාය විය. මෙම නිරෝධායන ඒකක පිහිටුවන ලද්දේ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල…

(0)Comments | June 10, 2020 12:28 pm