Top News

කොළඹ කොටස් ලප් තැනම ලොප් – විවෘත වූ වහාම කොටස් වෙළෙඳපොළ වැසෙයි

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය. මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම මෙයට හේතුවිය. මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි. මේ අනුව දිනය…

(0)Comments | May 11, 2020 11:18 am

ණය සහන දෙන්න බැංකු, මූල්‍ය සමාගම් අදිමදි කරනවාද? – ගැටළු රැසකට මහ බැංකුවෙන් පිළිතුරු මෙන්න

ණය සහන සඳහා සුදුසුකම් ලබන්නේ පුද්ගලික ණය පමණක් ද? නිවාස ණය සඳහා සහන ලැබෙනවාද? මූල්‍ය ආයතන හට කිසිදු ඉල්ලීමකින් තොරව මෙම සහන සැපයීමට නොහැක්කේ ඇයි? ඉල්ලීමක් කළ පසු තමාට සහනයන් ලැබී ඇත්දැයි දැනගන්නේ කෙසේද? දැනටමත් හිඟහිටි මුදල් පියවා නොමැතිව සහන සඳහා අයදුම් කළ හැකිද? සන්නිවේදන පහසුකම් වෙත පිවිසුමක් නොමැතිකම නිසා ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට නොහැකි ග්‍රාමීය…

(0)Comments | May 11, 2020 1:29 am

බහුජාතික ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනයට වැඩසටහනක්

අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබේ. නියාමන දුර්වලතා සහ අන්තර් නියෝජිත සම්බන්ධීකරණ ගැටලු විසඳීම මගින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීමට මෙන්ම ආයෝජකයින්ගේ ගනුදෙනු පිරිවැය ඉහළ නංවන ගනුදෙනුවක්…

(0)Comments | May 9, 2020 3:51 pm

අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 353කින් සංචිත වත්කම් පහළට. විදෙස් මුදල් සංචිතය පහළ බසිද්දී රන් සංචිතය ඉහළට

2020 මාර්තු 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,533.74 ක් ලෙසින් පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත වත්කම් ප්‍රමාණය 2020 අප්‍රේල් 30 දින වන විට ඩොලර් මිලියන 7,179.9 ක් දක්වා ඩොලර් මිලියන 353.84 කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මෙම මාසයක…

(0)Comments | May 9, 2020 1:42 pm

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද මැයි 11 දින සිට නැවත ඇරඹීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස්…

(0)Comments | May 9, 2020 10:17 am

ඉදිරි මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සකස් කෙරෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතුයි – ධම්මික පෙරේරා

රටේ මීළඟ මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සැකසෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතු බවත්, එම මාස 06 දෙස බලා ගනුදෙනුකරුවන් තම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. අද දෙරණ 24 නාලිකාවේ විකාශය වූ talk with CHATHURA සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ධම්මික පෙරේරා මහතා…

(0)Comments | May 7, 2020 12:07 pm

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනපති විමසුමට

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් විමසුමට ලක් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව එතුමා පවසයි. පළාත් ආණ්ඩුකාරවරු සහ…

(0)Comments | May 7, 2020 10:24 am

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙන් රුපියල් මිලියන 22ක පරිත්‍යාගයක්

ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රුපියල් මිලියන 22ක් පරිත්‍යාග කරයි. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

(0)Comments | May 6, 2020 10:29 pm

ණය පොලී අඩු නොකළොත් සුදුසු පියවර ගන්නවා – මහ බැංකුව මූල්‍ය ආයතනවලට අවධාරණය කරයි

වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූල ව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති බව මුදල් මණ්ඩලය විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම නිසා, තවදුරටත් ප්‍රමාදයකින් තොර ව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින්…

(0)Comments | May 6, 2020 7:19 pm

විශේෂ මුදල් මණ්ඩල රැස්වීමක් අද. ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අද (2020 මැයි 06) දින පැවති විශේෂ රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට…

(0)Comments | May 6, 2020 7:07 pm