Top News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකමට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය මුදල ලබා…

(0)Comments | April 25, 2023 11:29 am

ලෝක බැංකුවේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පුළුල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එකී වැඩසටහන සඳහා සිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් සහාය දැක්වීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, ආර්ථික පාලනය පරිවර්තනය, වර්ධනය…

(0)Comments | April 25, 2023 10:53 am

නුවරඑළියේ තට්ටු 4ට වැඩි නව ඉදිකිරීම්වලට සීමා

නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එමඟින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇත. එබැවින්, එම ප්‍රෙද්ශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, ආදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය…

(0)Comments | April 25, 2023 10:50 am

2023 මුල් කාර්තුවේ දී බදු ආදායම ඩබල් වෙලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පළමු කාර්තුවේ දී රැස් කරන ලද රු. මිලියන 146,565 ක බදු ආදායම සමඟ සසඳන විට 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී රු. මිලියන 316,619ක් දක්වා බදු ආදායමේ වර්ධනය ක් සිදු වී ඇත. එය පෙර වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 116ක වැඩිවීමකි. රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන්…

(0)Comments | April 24, 2023 6:04 pm

UNDP සමඟ හවුල්ව ජපාන රජය ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ගොවි පවුල්වල කාන්තාවන්ගේ ආර්ථික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 1,175ක ආධාර සපයයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය විසින් අද (අප්‍රේල් 24) දින අරලියගහ මන්දිරයේදී දියත් කරන ලදී. පවතින සමාජ-ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික…

(0)Comments | April 24, 2023 5:16 pm

2024 අවසානයේ දී Bitcoin එකක් ඩොලර් ලක්ෂයයි – ජාත්‍යන්තර ආයතනයකින් අනාවැකියක්

ලොව ප්‍රමුඛතම cryptocurrency හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන Bitcoin එකක වටිනාකම, එළඹෙන 2024 වසර අවසාන වන විට ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව Standard Chartered (STAN.L) පවසයි. Standard Chartered අද (24) දින කියා සිටියේ “crypto winter” හෙවත් අතථ්‍ය මුදල් සඳහා පැවති ශීත කාලය අවසන් වී ඇති බවයි. අද වන විට Bitcoin එකක මිල…

(0)Comments | April 24, 2023 4:40 pm

අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන බව ප්‍රකාශ කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (21) නිකුත් කර ඇත. ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා සුභසාධක…

(0)Comments | April 24, 2023 12:38 pm

හම්බන්තොටට දැවැන්ත ආයෝජන රැසක්. ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් තබයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) දින සිදුකෙරිණි. නාවුක, ලොජිස්ටික්ස්, ගුදම්, තීරු බදු රහිත, ඉන්ධන සහ තෙල් අලෙවි, ඉදිකිරීම්, යොට් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති 15 ක් මීට ඇතුළත් වේ. චීන, සිංගප්පූරු, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල සමාගම් විසින් මෙම ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

(0)Comments | April 24, 2023 11:24 am

ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් පිරිසක් කොළඹට

Fortune Global 500 සමාගම් අතර 152 වැනි ස්ථානයේ පසුවන ලොව දැවැන්ත සමාගමක් වන China Merchants Group සහ එම ලැයිස්තුවේ 174 වැනි සමාගම වන China Merchants Bank හි ඉහළ පෙළේ දුත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. China Merchants Group හි සභාපති Miao Jianmin ඇතුළු මෙම පිරිස පසුගිය සිකුරාදා (21) ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා…

(0)Comments | April 24, 2023 10:58 am

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි

ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් – ජනපති කියයි ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව…

(0)Comments | April 24, 2023 8:02 am