Top News

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරනවාට අපි විරුද්ධයි – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමේ කොන්දේසි සමඟ සමගි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අද (27) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. “මේ ගිවිසුමේ කොන්දේසිවලට අපි විරුද්ධයි. එකක් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම, අනෙක් එක අර්ථ සාධක අරමුදල තත්ත්වය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළොත්, වත්කම්වල වටිනාකම 30%කින් අඩුවෙනවා….

(0)Comments | April 27, 2023 6:23 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වාර්ෂික වාර්තාව නිකුත් කරයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (2023 අප්‍රේල් මස 27) දින පිළිගන්වන ලදී. භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන,…

(0)Comments | April 27, 2023 3:07 pm

විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපලේ දී ලබා දෙන තීරු බදු සහනය මැයි 1 සිට ඉහළට

තීරු බදු සහන ලබාදෙන චක්‍රලේඛයක් නිකුත් වේ විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ගුවන්තොටුපොලේදී…

(0)Comments | April 27, 2023 1:34 pm

SriLankan Aviation College සහ Embry-Riddle Aeronautical University හවුල්කාරීත්වය තුළින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර තලයේ පාඨමාලා හැදෑරීමට වරම්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College) සහ ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් තාක්ෂණ විශ්ව විද්‍යාලයක් වන එම්බ්‍රි-රිඩ්ල් ගුවන් තාක්ෂණ විශ්ව විද්‍යාලය (Embry-Riddle Aeronautical University) අතර ඓතිහාසික ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ සහ කලාපයේ තවත් රටවල සිසු සිසුවියන්ට ලොව ඉහළම පිළිගැනීමක් සහිත ගුවන් සේවා පාඨමාලාවන් හැදෑරීමට…

(0)Comments | April 27, 2023 12:26 pm

කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් BT Top 40හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත්වෙයි

අප්‍රේල් 20 දින පැවති බිස්නස් ටුඬේ සඟරාවේ BT Top 40 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකු ක්ෂේත‍්‍රයේ නායකත්වය සනාථ කරමින් කොමර්ෂල් බැංකුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්මානය ලැබීය. මේ සමගින් අඛණ්ඩව 14 වන වසරටත් කොමර්ෂල් බැංකුව බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙසත් ඉහළම කාර්යසාධනයක් දැක්වූ ශී‍්‍ර ලංකාවේ සමාගම් පහෙන් එකක් ලෙසත් තේරී පත්ව…

(0)Comments | April 27, 2023 12:14 pm

අලුතින් තේරී පත් වූ FTZMA නිලධාරීන් BOI සමඟ ඉදිරි ක්‍රම උපායමාර්ගයන් පිළිබඳ සාකච්ඡා කරයි

නව සභාපතිවරයා ලෙස පත් වූ ධම්මික ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගම් සහ නව නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ කාර්යාලයට පැමිණ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා විසින්, අලුතින් පත් කරන ලද FTZMA සභාපතිවරයා සහ නිලධාරීන් පිළිගනු ලැබූ අතර ආයෝජන මණ්ඩලයට සහ කර්මාන්තයට අඛණ්ඩව ලබා දෙන සහයෝගය…

(0)Comments | April 27, 2023 12:00 pm

කෝප් කමිටුව ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරයි

2023 මාර්තු 07 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවට ලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2023.04.25 දින පැවති කෝප් කමිටු රැස්වීමේදී සිය අප්‍රසාදය පළ…

(0)Comments | April 27, 2023 11:22 am

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම Intrepid ශ්‍රී ලංකාව තුළ තම ආයෝජන දෙගුණ කරයි

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමවන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්යමණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. මේ සමඟ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සංචාරක මඟපෙන්වන්නන් 230කට වැඩි බලකායක් සමඟින් ගෝලීය වශයෙන් එහි විශාලතම කාර්යමණ්ඩලය බවට කොළඹ කාර්යමණ්ඩලය පත්වීම කැපීපෙනේ. ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව හටගත් දේශපාලනික සහ…

(0)Comments | April 27, 2023 11:05 am

චීනයෙන් ජාතික රෝහලට බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලක්

චීන ආධාර මත සිදු කළ මෙරට ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ගොඩනැඟිල්ල පසුගිය අඟහරුවාදා (25) ශ්‍රී ලංකාවට භාර දෙන ලදී. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු දෙපාර්ශ්වය නියෝජනය කරමින් මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්විය. වර්ග මීටර් 50,000 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම…

(0)Comments | April 26, 2023 4:52 pm

බත්තරමුල්ලට බස් පර්යන්තයක්

බත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයට ආසන්නයෙන් හදුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරදෙන ලෙස බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ඊයේ (අප්‍රේල් 25) අදාළ අංශවලට උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන අධිකාරිය සතු මෙම ඉඩම මේවන විට තාවකාලිකව ආරක්ෂක අංශ භාවිත කරන බැවින් ආරක්ෂක ලේකම්වරයාට…

(0)Comments | April 26, 2023 3:25 pm