මූලික වශයෙන් දෙහිවල ප්‍රදේශයේ 50,000ක් පමණ වන පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඉලක්ක කර සුහුරු මනුගත කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ් සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1,000කි. මේ සඳහා යටිතල පහසුකම් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ ආරම්භ කිරීම ඳසහා ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 5ක්…
ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596ක් වේ.
ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට දේශපාලනයෙන් තොර දේශීය සමාගමක්. පසුගිය වසර 10ක කාලය තුළ රජය සතු සමාගම්වල අලාභය රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට හෙළිකරයි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ සිදු කරනු ලබන්නේ කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොර දේශීය සමාගමක් මගින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සමාගම් පනතට අනුව…
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමෙහි ආදායම් ඉපැයීම් ප්‍රශස්තකරණය සඳහා පරිගණක මෘදුකාංග විසඳුමක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ අනුව ලංසු 04ක් ලැබී තිබේ. ආමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පදිරි සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම මිල ගණන් ඉදිරිපත් කල ලංසුකරු වන ඇමරිකා එක්සත් ජනපදයේ PROS,…
විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල්…
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 1005කින් අඩු කර ඇති අතර කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රු. 183කින් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළදපොල ගෑස්…
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ – ජනපති කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය….
හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල…
කොමර්ෂල් බැංකුව විසින් ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් 100කට අධික සංඛ්‍යාවක් සඳහා මෑතකදී විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීම උදෙසා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති කාන්තා ව්‍යවසායිකාවන් ද පැමිණ සිටියහ. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බැංකුවේ ක‍්‍රියාකාරකම්වල කොටසක් ලෙස මෙම උත්සවය සංවිධානය කර ඇති බවත්, ඊට සමගාමීව කාන්තා ව්‍යවසායකත්වයට සහාය…
2023 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 125,945 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 335,679 ක් වේ.
Video Story