වර්ධනය වූ වෙළඳපෙළ අපේක්ෂාවන් හමුවේ මාර්ගෝපදේශ පරාසයක් සැපයීම සහ අනිවාර්ය විකුනුම් අවශ්‍යතා ඉවත් කිරීමත් සමඟ 2023 වසරේ මාර්තු මාසයේ දී සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය වීමට පෙර, විනිමය අනුපාතිකය 2023 වසරේ පෙබරවාරී මාසය දක්වා අඛණ්ඩව ස්ථාවරව පැවතුණි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ….
ශ්‍රීලංකන් ගුවන් සේවයේ වසර 40 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා ඊයේ දින (31) ඔහුගේ අවසන් ගුවන් මෙහෙයුම සිදුකරන ලදී. ඉන්දියාවේ මදුරාසි සිට කොළඹට ලඟා වූ UL 138 ගුවන් යානය සමඟ ඒ මහතා ගුවන්සේවය වෙනුවෙන් දශක හතරක සේවා කාලය අවසන් කරන ලදී. ඒ මහතාගේ අවසන් ගුවන් ගමන වෙනුවෙන් විශේෂ උත්සවයක්…
2023.03.30 දින මාර්ගගතව පැවැත්වූ ආයෝජක ඉදිරිපත් කිරීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය. 2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සම්මාන උළෙලේ දී මෙම සම්මානය…
TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි. TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාමට…
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනපති පවසයි ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති…
ශ්රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මෙරට වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) පැවැත්විණි. ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වුණු මෙම සැසියේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් කරුණු දක්වන ලදී. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන…
“IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති…
කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ‍්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී. මෙම ජාතික කාඞ්පත් යෝජනා ක‍්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක‍්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වේ. ලෝකය පුරා JCB කාඞ්පත්…
Video Story