Top News

හේමාස් රෝහල් සමූහය සිය මනුදම් සපිරි “ උපකාර” ජාතික මෙහෙවර දියත් කරමින් නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වූ ජනයා වෙත සෙනෙහසේ දෑත් දිගුකරයි

ප්‍රශස්ත සුවසේවාවක් වෙත වන ජනතා ප්‍රවේශය තහවුරු කරමින් සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සමාජීය අර්බුදය හමුවේ දැඩි පීඩනයකින් දිවිගෙවන අසරන වකුගඩු රෝගීන්වෙත මහත් අස්වැසිල්ලක් ගෙන දෙමින් , මෙරට රෝගී ආරක්ෂාව වෙනුවෙන් මුළුමනින්ම කැපවූ හේමාස් රෝහල් සමූහය සිය නොනිමි ජාතික මෙහෙවර තවත් පියවරකින් ඉදිරියට ගෙන යමින් සිය නවතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වූ “උපකාර” ජාතික වැඩසටහන…

(0)Comments | March 30, 2023 3:00 pm

FitsAir ඩුබායි වෙත සිය ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය  දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ වීම සිදු විය. දෙරටෙහි සංචාරකයින්ගෙන් ලැබුණු ඉල්ලුමට සහ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ   ඉල්ලුම  ඉහළ යාමක් අපේක්ෂා කිරීම හේතු…

(0)Comments | March 30, 2023 11:18 am

ණය හිමියන් සහ ආයෝජකයින් දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සැසියක් හෙට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම පිණිස විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීම පසුගිය මාර්තු 20 වැනිදා සිදුවිය. විස්තීර්ණ ණය පහසුකම අනුමත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ වානිජ ණය හිමියන් සහ ආයෝජකයින් යාවත්කාලීන කිරීම සඳහා ඔන්ලයින් මාර්ගයෙන් පවත්වනු ලබන සැසියක් හෙට (30) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහ බැංකු…

(0)Comments | March 29, 2023 4:07 pm

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසන්නේ, තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි. මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින්…

(0)Comments | March 29, 2023 4:04 pm

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන…

(0)Comments | March 29, 2023 4:02 pm

ඉහළම ජනතා ප්‍රසාදයෙන් වසරේ සන්නිවේදන සන්නාමය ලෙස ඩයලොග් කිරුළු පැළඳි වගයි

2023 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 12 වැනි වරටත් ‘වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස ජනතා ප්‍රසාදයෙන් අභිසෙස් ලබන්නට ඩයලොග් සමාගම සමත් විය.ශ්‍රී ලාංකීය ජන ජීවිතවල සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම හඳුනාගනිමින් ඇගයෙන ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙල තුළින් ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි. මෙලෙස අඛණ්ඩව 12 වැනි වරටත් ‘වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස…

(0)Comments | March 29, 2023 3:17 pm

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය ඇරඹෙයි

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කෙරිණි. විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළඳපොළ ප්‍රවේශය…

(0)Comments | March 29, 2023 12:28 pm

“හොරණ“ අයිතිය වෙනස්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අද (29) දිනයේ දී වෙනස් වී තිබේ. ඒ අනුව සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් හෙවත් කොටස් මිලියන 12.75කට හිමිකම් කියන ලද Vallibel Plantations Management Ltd සමාගම, අද දිනයේ දී එම කොටස් අයිතිය විකුණා දමා තිබේ. මෙහිදී මෙම කොටස් ප්‍රමාණය මිල දී…

(0)Comments | March 29, 2023 12:05 pm

“ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි” – සාගල රත්නායක

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව…

(0)Comments | March 29, 2023 11:02 am

රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, හිල්ටන් විකිණීමට අදාලව උපදේශකවරු පත් කිරීමට රජය සැරසෙයි

රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීම – ගණුදෙනුකාර උපදේශකවරුන් පත්කිරීම මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින්, රජය විසින් පාලනය කරනු ලබන පහත සඳහන් ව්‍යවසායන්හි විකුණුම් පාර්ශවයේ ගණුදෙනු පිළිබඳ උපදේශන සේවා සැපයීම සඳහා උනන්දුවක් දක්වන උපදේශන ආයතන වෙතින් කැමැත්ත  පළ කිරීමේ  නිවේදන (EOI) දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය සහ linkedin යන…

(0)Comments | March 29, 2023 10:41 am