Top News

සංචාරක පැමිණීම තුන්ලක්ෂය පනී

2023 මාර්තු මාසයේ මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 105,714 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ගණන 315,898 ක් වේ. මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 21% ක්, එනම් 22,038 ක් රුසියානුවන් වන…

(0)Comments | March 29, 2023 7:12 am

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

අයදුම්කරුවන් මාර්තු 31 දිනට පෙර නිවැරදි තොරතුරු ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත….

(0)Comments | March 28, 2023 4:42 pm

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

– දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි- ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් බලශක්ති ක්ෂේත්‍රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් ඒ සඳහා දේශීය හා විදේශීය සෘජු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන…

(0)Comments | March 28, 2023 4:31 pm

ඉන්දියාව සමඟ පුනර්ජනනීය බලශක්ති අවබෝධතා ගිවිසුමක්

2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම, බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ස්වාධීන වීම සහ 2050 වන විට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයට පත් වීම රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම තත්ත්වයට ළඟා වීම අරමුණු කර ගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් ඒකාබද්ධව…

(0)Comments | March 28, 2023 2:03 pm

සීගිරියට මාස්ටර් ප්ලෑන් එකක්

ලෝක උරුමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් ද වන සීගිරිය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළම ආකර්ශනයක් සහිත සංචාරක ගමනාන්තයක් වන අතර, එය මෙරට සංචාරක ස්ථාන අතුරින් ඉහළම ආදායම් උපයන ස්ථානය ද වේ. එහෙත් සංචාරක ගමනාන්තයක් ලෙස එය කළමනාකරණය කිරීමේදී පැන නැගෙන ගැටලු සැලකිල්ලට ගෙන අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය…

(0)Comments | March 28, 2023 12:15 pm

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට හත්වන කණ්ඩායමටත් පොළී රහිත ණය

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට රාජ්‍ය නොවන, උපාධි ප්‍රදානය කරනු ලබන පිළිගත් ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස පොළී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017-04-04 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් (05) එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති අතර හය (06) වන…

(0)Comments | March 28, 2023 12:11 pm

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් ජනපතිගේ කැපවීම UNFPA පැසසුමට

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි. ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ…

(0)Comments | March 28, 2023 11:51 am

මාර්ග නඩත්තු අරමුදලක්

2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 100ක ආරම්භක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට ද යෝජනා කරන ලදී. එම අරමුදල ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත පැවරී ඇත. ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා…

(0)Comments | March 28, 2023 10:14 am

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – ජනපති

ඉදිරි මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් -හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි ආයෝජකයන් හමුවේ ජනපති කියයි හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන්…

(0)Comments | March 28, 2023 10:12 am

ඉන්දියාවේ සහායෙන් සූර්ය විදුලි බලාගාරයක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇත….

(0)Comments | March 28, 2023 10:02 am