ශ්‍රී ලංකා රජය විසින් රට තුළ දැනට පැන නැඟි ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය නඟාසිටුවීම හා ආර්ථික සංවර්ධනය වේගවත් හා කඩිනම් කිරීමේ අරමුණෙන් ව්‍යුහාත්මක ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. වසර ගණනාවක සිට ශ්‍රි ලංකා ආර්ථිකයට මූල්‍ය වැය බරක් වී ඇති රජය සතු වාණිජ ව්‍යවසාය අංශය මේ යටතේ ප්‍රමුඛත්වය ලබා දී ප්‍රතිව්‍යුහකරණයට හඳුනාගෙන ඇත. වෙළඳපල විකෘතිය…
අර්බුදය ඇති කළ අය දැන් විසඳුම් යෝජනා කිරීම ගැන සතුටුයි “මේ රටේ ආර්ථික අර්බුදය ඇතිකරපු අය දැන් ඒවාට විසඳුම් ඉදිරිපත් කරන අතර කරන්න ඉඩ නොදුන් කණ්ඩායම දැන් ඒවා කරන්න එකඟ වී රට එක් දිශාවකට තල්ලුකර ගෙන යෑමට සූදානම් වීම ගැන අපි සතුටට පත්වෙනවා“ යැයි සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. “ගෙයක් සෑදීම සඳහා ණයක්…
කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සහ ඒවායේ පවතින මූල්‍යමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සමඟ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා…
විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිල්පීන් සිය දෙනෙකුට සම්මාන පිරිනැමේ ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ සහ කුඩා හා…
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, 2022 ජූලි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා කාලසීමාවට අදාළ අර්ධ වාර්ෂික ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත. මෙම කොමිෂන් සභාව, කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට, ව්‍යාපාරවලට සහ පදිංචිකරුවන්ට අවශ්‍ය සියලුම සහයෝගයන් එකම ස්ථානයකින් ලබාදීම සඳහා බලය පවරා ඇති ආයතනයයි. කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (23) දින මුල් භාගයේ දීද පහළ යන ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව මුල් මිනිත්තු 90 අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ 0.71% ක පහළ යාමක් වාර්තා වී තිබුණි. කෙසේවෙතත් අද දින මුල් ගනුදෙනු පැය තුළ දී වාර්තාගත පිරිවැටුමක් සටහන් වී තිබීම කැපීපෙනෙන සිදුවීමකි. ඒ අනුව පෙ.ව. 11.30 වන විට…
අප කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළද, එම ප්‍රමිතිය සහ ප්‍රමිති ක්‍රියාවලිය හා බැඳුනු කරුණු සම්බන්ධයෙන් සමස්ත සමාජය තුළ ඇත්තේ අඩු අවබෝධයකි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක්වනනේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලලිත් චිත්‍රගේ මහතා ය. ප්‍රමිති ආයතනයේ අරමුණ සහ වගකීම පිළිබඳව…
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය (21) දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්විය. එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, ඒ මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි. රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික…
සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය, ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා අද (22) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ…
ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (22) දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2018 වසරේ මැයි 11 දින සිට ආරම්භ කෙරුණි. එය හඳුන්වා දෙන ලද්දේ…
Video Story