Top News

2025 දී බූදල් බද්දක් – ජනපති

2025 දී, අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි කාර්ය මණ්ඩල වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා අද (22) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අතර එහිදී රජයේ ආදායම වැඩි කර ගැනීමේ සැලසුම්…

(0)Comments | March 22, 2023 12:20 pm

ජපන් ආයෝජකයින් නැවතත් ශ්‍රී ලංකාව ගැන උනන්දු වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය හමුවේ ජපන් ආයෝජකයන් තවදුරටත් ආයෝජනයට උනන්දුව පළ කරයි ශ්‍රි ලංකා ජපන් තනාපති කාර්යාලයේ උප ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ප්‍රමුඛ ජපාන ආයෝජකයන් කණ්ඩායමක් පසුගිය දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය මුණ ගැසුණි. ශ්‍රි ලංකාව ජාත්‍යන්තර වශයෙන් තම ප්‍රතිරූපය…

(0)Comments | March 22, 2023 11:26 am

ගාමිණී ලොකුගේ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට 

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඊයේ (21) නිතරඟයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත් වූයේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි. උක්ත කාරක සභාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, අභිනව සභාපතිවරයා අදහස් දක්වමින් කමිටුවේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට සියළු…

(0)Comments | March 22, 2023 11:19 am

රු. බිලියන 125 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (22) දිනයේ දී රු. මිලියන 125,000 ක හෙවත් රු. බිලියන 125 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් සඳහා පිළිවෙලින් රු. මිලියන 55,000 ක්, රු. මිලියන 30,000 ක් සහ රු. මිලියන 40,000 ක් බැගින් වන පරිදි බිල්පත් ප්‍රමාණයන්…

(0)Comments | March 22, 2023 10:00 am

2023 වසරේ මේ දක්වා සංචාරකයින් 286,431ක් ලංකාවට

2023 මාර්තු මාසයේ 19 වන දිනෙන් අවසන් වූ කාල පරිච්ඡේදය තුළ පමණක් සංචාරකයින් 76,247 ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16,588 කි. මීට අමතරව ඉන්දියානු සංචාරකයින් 11,153 ක්, ජර්මනියෙන් 6,088 ක්, එක්සත් රාජධානියෙන් 5,714 ක්, ප්‍රංශයෙන් 3,813…

(0)Comments | March 22, 2023 9:51 am

IMF වෙතින් ලැබුණු SDR

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීමට විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.286 ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් පමණ) අනුමත කරන ලදී. මෙලෙස ජාත්‍යන්තර අරමුදල විසින් ලබා දුන් විශේෂ ගැනුම් හිමිකම් මොනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමකි. Special Drawing Rights ලෙසින්…

(0)Comments | March 21, 2023 4:51 pm

විකුණන්න තීරණය කළ ටෙලිකොම් සමාගමට ඉහළ ඉල්ලුමක්

රජය සතු හිමිකාරීත්වය විකිණීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් සඳහා ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් අද (21) දිනයේ දී වාර්තා වී තිබේ. අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රු. මිලියන 236.98 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී ඇත. මෙය අද දිනයේ දී දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ලබා…

(0)Comments | March 21, 2023 2:48 pm

රාජස්ථාන් රෝයල්ස් වියස්කාන්ත්ට එන්න කියයි

LPL ක්‍රිකට් තරඟාවලිය හරහා මෙරට නැගී එන ක්‍රිකට් තරුවක් වූ බවට පත් වූ විජයකාන්ත් වියස්කාන්ත් හට තම පිලේ සහාය පන්දු යවන්නෙකු (Net bowler) ලෙස එක්වන ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල විසින් ආරාධනා කර ඇත. විජයකාන්ත් වියස්කාන්ත්, LPL ක්‍රිකට් තරඟ මාලාවේ දී Jaffna කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. මෙතෙක් පැවති LPL ක්‍රිකට් තරඟාවලි තුනේදීම ශූරතාවය දිනා ගැනීමට Jaffna…

(0)Comments | March 21, 2023 2:48 pm

තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි – ජනපති පවසයි

  • video

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි…

(0)Comments | March 21, 2023 2:45 pm

අපි 16 වතාවක් මූල්‍ය අරමුදල රවට්ටලා තියෙනවා – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි ඉටු නොකර, ශ්‍රී ලංකාව විසින් මීට පෙර 16 වතාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (21) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ මෙවර ද එසේ වුවහොත් දරුණු අගාධයකට රට…

(0)Comments | March 21, 2023 2:40 pm